වරාය බාරගෙන සතියයි! ඉතිහාසයේ කිසිම ඇමැති කෙනෙක් නොකරපු වැඩක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නැව් සමාගම් විසින් මීට පෙර ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවනු ලැබූ ගාස්තු ඍජුවම එක්සත් ජනපද ඩොලර්වලින් ගෙවීමට අවස්ථාව සලසා දීමට වරාය හා නාවික නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්කළ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පියවර ගෙන ඇත.

මෙය වරාය ඉතිහාසයේ සිටි කිසිදු අමාත්‍යවරයකුට සිදු කළ නොහැකි වූ කටයුත්තක් බව වරාය සේවකයන්ගේ අදහස වී තිබේ.

මේ හරහා වරායට ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100 ඉක්මවනු ඇත.

මෙහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වරාය අධිකාරියේ සියලුම පාර්ශව සමග සාකච්ජා කොට ඔවුන් සියලු දෙනාගේම එකගතාව මත මෙම කටයුත්ත සිදු කිරීම විශේෂ සිදුවීමකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
233
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?