වරාය නගරය කොමිෂන් සභාවට COPE කමිටුවේ පැසසුම්

පසුගිය 5 වනදා පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව ගත් කඩිනම් පියවර පිළිබදව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මාර්ගගත ක්‍රමවේදයන්ට (Online) අනුගතවන ලෙසට සහ 2021 වර්ෂය සදහා විගණනය කරන ලද ගිණුම් ඉදිරිපත් කරන ලෙසට ලබා දුන් නිර්දේශවලට එම කොමිෂන් සභාව කඩිනමින් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබීම ඊට හේතුවයි.

රජයේ මුදල් පිළිබද කාරක සභාව පසුගිය 19 වැනිදා හමුවූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

අදාළ පනතට අනුව, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම රජයට අයත් නිසි නෛතික ක්‍රමවේදයක් යටතේ පිහිටුවන ලද ආයතනයක් බවයි කොමිෂන් සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ.

බලපත්‍රවලට අදාළ ඉල්ලුම්පත්‍රවල සපයා ඇති තොරතුරුවල වලංගුභාවය පරීක්ෂා කිරීමට ඇති හැකියාව පිළිබඳව විමසූ විට කොමිෂන් සභාව පවසා සිටියේ අයදුම්පත්‍රයේ සදහන් තොරතුරුවල වගකීම අයදුම්කරු වෙත පැවරෙන බවයි.

එසේම වරාය නගර භූමිය තුළ සියලුම සමාගම්වල ලේඛනයක් ඉලෙක්ට්‍රොනිකව සාමාන්‍ය ජනතාවට අදාළ තොරතුරු දැනගත හැකිවන පරිදි පවත්වාගෙන යනු ලබන බව ද මෙහිදී තහවුරු වුණා.

බදු ප්‍රතිපත්ති අනුව කොළඹ වරාය නගරයෙන් පිටත ව්‍යාපාර කිරීමට තෝරා ගැනීමේ නිදහස ඇති අයදුම්කරුවන්ගේ වරප්‍රසාද පිළිබඳව කමිටුවේදී අවධානය යොමු වී තිබෙනවා.

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ වැටුප් ව්‍යුහයන් සහ මානව සම්පත් ප්‍රතිපත්ති සැකසීමේ බලය එම ආයතනවලට ලබා දෙන බවයි.

එහිදිී මෙය දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්, අක්‍රමිකතා සඳහා ඉඩ කඩ ඇති බැවින් නැවත සලකා බැලිය යුතු බවත් මුදල් කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළා.

මීට අමතරව, අන්තර්කාලීන පදනමක් මත, විෂයභාර අමාත්‍යවරයා විසින් අනුමත කරන්නේ නම්, සමාගම්වලට, වසර 05 කට නොවැඩි කාලයක් සඳහා, වරාය නගරයෙන් පිටත ව්‍යාපාරයක් විවෘත කිරීමේ හැකියාව පවතිනවා.

අධිභාර සහ දඩ මුදල් පිළිබඳ කමිටුව විසින් විමසූ විට, වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, දඬුවම්වල පරාමිතීන් තහවුරු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ නියාමකයින් සමඟ කටයුතු කරන බව සදහන් කර තිබෙනවා.

කොළඹ වරාය නගරය පාලනය කිරීමේදී බහුවිධ නියාමකයන්ගේ කාර්යය වරාය නගර ආර්ථික කොමිසමට සිදුකළ නොහැකි බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේ.

2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සඳහා කැසිනෝ නියාමනය සදහා ආයතනයක් ස්ථාපිත කිරීම සදහා මුදල් කාරක සභාවේ උපදෙස් පරිදි දැනටමත් කටයුතු කරන මුදල් අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන ලෙස කමිටු සභාපතිවරයා ඔවුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ආරවුල් විසඳීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලද අතර, පනතට අනුව, වරාය නගරය තුළ ඇති ආයතනය ගැටුම් නිරාකරණය සඳහා ඉඩක් පමණක් ලබා දෙන බව අනාවරණය වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මායිම් තුළ ඇති මහේස්ත්‍රාත් සහ සිවිල් අධිකරණවල ප්‍රමුඛතා පදනම මත සියලුම අධිකරණ කටයුතු සිදු කරන අතර ඉදිරියේදී මෙම කටයුතු සමාලෝචනය කරන බව නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කළා.

මේ අනුව බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලියට වඩාත් පැහැදිලි බවක් ලබා දීම, විගණන වාර්තා නිසිපරිදි ඉදිරිපත් කිරීම සහ අනෙකුත් නෛතික ප්‍රශ්නවලදී සිදු වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සහතික කිරීම සඳහා වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නිරන්තරයෙන් රැස් වන බවට ලබාදුන් සහතිකය සමග සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලද සියලුම ගැසට් පත්‍ර කොන්දේසි සහිතව අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23