29 වන වතාවටත් ජීවිත අවදානම් ගමනේ ගිය ‘එවරස්ට් මිනිසා’ (ඡායාරූප)

‘එවරස්ට් මිනිසා’ ලෙස හඳුවන්වනු ලබන “කමි රීටා” 29 වන වරටත් එවරස්ට් කඳු මුදුන තරණය කරමින් තමන්ගේ ම වාර්තාව බිඳ දමා තිබෙනවා.

ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුන වැඩිම අවස්ථා ගණනක් තරණය කළ පුද්ගලයා බවට මෙම නේපාල ජාතිකයා පත් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ අලුයම කමි රීටා විසින් මීටර් 8,849ක් උසැති එවරස්ට් කඳු මුදුනට 29 වන වතාවටත් ළඟා වූ බවයි.

කමි රීටා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, මේ වන විටත් කන්දේ ඔහු පහළ කඳවුරු වෙත පැමිණීමට යළි ගමන් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

1994 වසරේ දී “කමි රීටා පළමුවරට එවරස්ට් තරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එතැන් සිට සෑම වසරකම පාහේ ඔහු එවරස්ට් කන්ද තරණය කිරීමේ ජීවිත අවදානම් ගමනට පුරුදු වී සිටි අතර, ඒ හේතුවෙන් ඔහුව ‘එවරස්ට් මිනිසා’ යන අන්වර්ථ නාමයේ ද හඳුන්වනු ලබනවා.

ඔහු විදේශීය කඳු නගින්නන් සඳහා මාර්ගෝපදේශකයෙකු (ෂර්පා) ලෙස කීර්තියක් ගොඩනගාගෙන ඇති අයෙක්.

මේ අතර පසුගිය වසරේ කඳු නගින්නන් 600 කට වැඩි පිරිසක් එවරස්ට් කඳු මුදුන තරණය සඳහා එක්ව ඇති අතර, ඉන් 18 දෙනෙකුට ජීවිත අහිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32