A 09 මාර්ගයේ මඩාටුගම අනතුරකින් තරුණ ජීවිත දෙකක් අහිමිවෙයි (ඡායාරූප)

මහනුවර – යාපනය ඒ 09 මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේ දී ඊයේ (12) සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 සහ 31 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙක් බවයි මඩාටුගම පොලිසිය පැවසුවේ.

අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් සහ තරුණයින් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථය එම දෙසටම ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ බස් රථය ලොරි රථයේ ද ගැටීමෙන් පසු මාර්ගයෙන් ඉවතට පැන අසළ වෙල්යායකට පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා දඹුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් වරයා හමුවට ඊයේ (12) ඉදිරිපත්කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔහුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

මියගිය තරුණයින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (13) දින දඹුල්ල රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.

මේ අතර අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ත්‍රිරෝද රථයකින් රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ දී කිසියම් පුද්ගලයෙක් කරන ලද දැනුම්දීමකට අනුව සුවසැරිය ගිලන් රථයක් ද පැමිණ තිබෙනවා.

ඒ, අනුව බුලාගල ප්‍රදේශයේ දී තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා ගිලන් රථය වෙත මාරු කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී බරපතළ තත්ත්වයේ සිටි එක් තරුණයෙක් මිය ගොස් ඇති බව පවසා ගිලන් රථයේ සේවක පිරිස විසින් එම තරුණයා මහමඟ දමා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම අවස්ථාවේ පොලිසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මකව ඇති මඩාටුගම පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් ජීප් රථයකින් එම තරුණයා ද කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් එම තරුණයින් දෙදෙනාට මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිත අහිමි වුණා.

WhatsApp Image 2024 05 12 at 8.09.25 PM 1
WhatsApp Image 2024 05 12 at 8.09.25 PM
WhatsApp Image 2024 05 12 at 8.09.23 PM
WhatsApp Image 2024 05 12 at 8.09.22 PM
WhatsApp Image 2024 05 12 at 8.09.21 PM 1
WhatsApp Image 2024 05 12 at 8.09.21 PM
WhatsApp Image 2024 05 12 at 8.09.19 PM 1
WhatsApp Image 2024 05 12 at 8.09.19 PM
WhatsApp Image 2024 05 12 at 8.09.18 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46