AFC Banner
Empty Ad

වරායේ ආලෝක කුළුණක කොටසක් කඩා වැටී අයෙක් මරුට – තවත් අයෙකුට තුවාල

කොළඹ වරායේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

වරාය තුළ පිහිටි ආලෝක කුළුණක කොටසක් අද (18) දහවල් මෙම පුද්ගලයින් දෙදෙනා මතට කඩා වැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාරයේ සේවය සඳහා පුද්ගලික ආයතනයකින් යොමුකර සිටි සේවකයෙක් බව සඳහන්.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා මඩපාත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 58ක අයෙක් වන අතර, තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 42ක අයෙක්.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?