වර්ෂාවට සේදුනු ඇෆ්ගන් – අයර්ලන්ත තරගය නිසා ශ්‍රී ලංකාවට අවාසියක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අද (28) පැවැත්වීමට තිබූ ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්තය අතර තරගය වර්ෂාව නිසා අතහැර දමන්නට සිදු වුණා.

මේ හේතුවෙන් දෙපිළටම ප්‍රසාද ලකුණු එක බැඟින් ලබාදීමටයි කටයුතු කළේ.

ඒ, අනුව එම කාණ්ඩයේ (01 කාණ්ඩය) ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට අයර්ලන්ත කණ්ඩායමට හැකියාව ලැබී ඇත්තේ එහි දෙවන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව තුන්වන ස්ථානය දක්වා පසුපසට ඇද දමමින්.

අයර්ලන්ත මේ වනවිට ප්‍රසාද ලකුණු 03ක් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක් පමණයි.

කෙසේ වෙතත් දළ ලකුණු ලබාගැනීමේ දී ශ්‍රී ලංකාව ධන අගයක් පවත්වාගෙන සිටින අතර, අයර්ලන්තය රඳවාගෙන ඇත්තේ සෘණ අගයකුයි.

මේ අතර තරගවලියේ 01 කාණ්ඩයේ තවත් තරගයක් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තවත් හෝරා කිහිපයකින් ආරම්භ වීමට නියමිතයි.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?