මෙරට ආචාර්‍යයවරියක් ඇතුළු තිදෙනෙකු රට රැකියා පෙන්වා කළ මූල්‍ය වංචාව – CID වෙතත් පැමිණිල්ලක් (වීඩියෝ)

මෙරට ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක ආචාර්‍යයවරියක් ඇතුළු තවත් තිදෙනෙකු නවසීලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින්, පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර ඇති බවට චෝදනා කරමින් අසාධාරණයට ලක් වූ පිරිසක් අද (16) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ආචාර්ය තියන්ගි ජයතිලක, ගයා සංජීව කරුණාතිලක සහ ශිරානි ප්‍රියදර්ශනී ජයසිංහ යන අය මෙලෙස නවසීලන්තයේ විදේශ රැකියා ලබාදෙන බව පවසා 80 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන විදේශගත නොකර ඔවුන් මග හරිමින් සිටින බව‍ටයි ජාවාරමට හසු වූ පිරිස් චෝදනා කරන්නේ.

මේ වන විට රුපියල් ලක්ෂ 890ක පමණ මුදලක් මොවුන් වංචා කර ඇති බව විදෙස්ගත වීමට නොහැකි වූ පිරිස් චෝදනා කරනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම පිරිස් නීතියට හසුකරගෙන තම මුදල් නැවත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

තියන්ගි නමැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරිය ආචාර්‍යයවරියක් ලෙස පෙනී සිටිමින් ඡායාරූප පෙන්වා ජනතාව මුලා කරමින් මෙලෙස විදේශ රැකියා ජාවාරමේ යෙදෙන බව වාර්තා වනවා.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අදාළ ආචාර්‍යයවරියගෙන් දසත ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමක දී ඇය සඳහන් කර සිටියේ; තමන් මෙහි අතරමැදියෙකු බවත්, තමන් ද වෙනත් පාර්ශ්වයකට රට රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීම වෙනුවෙන් මුදල් ලබා දී ඇති බැවින් මේ පිළිබඳ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ගොනු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?