වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නොච්චියාගම ගාලදිවුල්වැව නෙළුම්තොට්ටුම ප්‍රදේශයේදී වන අලියකු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව කුමාරඑළිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු වෘත්තියෙන් කිරි ගොවියකු වන අතර, රාත්‍රී කාලයට ගවගාලේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අසල පැලක රැදී සිටින බව සඳහන්.

ඊයේ (07) දින තම පැලට ආසන්නයේ පිහිටි කොහුමෝලක නවාතැනක් පිටුපසදී මෙලෙස වන අලි පහරදීමට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වන අලි පහරදීමෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා නොච්චියාගම රෝහලට ඇතුලත් කර ඇති අතර, ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගාලදිවුල්වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03