වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජිවිතක්ෂයට

මහවිලච්චිය සූරියදමන ප්‍රදේශයේදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ කිරල්පැටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 54ක පුද්ගලයෙක්.

සූරියදමන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඉඩමක් ආසන්නයේ දී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයා විසින් ගව ගාලක් පවත්වාගෙන යන අතර ජනශූන්‍ය එම ප්‍රදේශයේ වන අලි බහුලව ගැවසීම හේතුවෙන් එම ගව ගාලෙහි ආරක්ෂාව සඳහා ගිනි දැල්වීමට දර සොයා කැලයට ගිය අවස්ථාවේ දී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ප්‍රදේශයේ වන අලි පහරදීමෙන් මෑතකදී සිදු වූ දෙවන පුද්ගල මරණය මෙය බවයි.

ප්‍රදේශයේ ගැවසෙන වන අලි රථ වාහනවලට පහරදීම, පුද්ගලයන් පසුපස හඹා ඒම ආදිය ද නිරන්තරයෙන් සිදුවන බව ජනතාව පෙන්වා දෙනවා.

නිලධාරීන් කොතෙක් සිටිය ද වන අලි පන්නා නොදැමීම හේතුවෙන් මෙවැනි ඛේදවාචකයන් සිදු වන බවටත් එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් චෝදනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?