AFC Banner
AFC Banner
Empty Ad

වන අලි ප්‍රහාරයකින් තිදරු පියෙකුට ජීවිතය අහිමි වෙයි

මොරගොඩ ගල්වඩුවාගම ප්‍රදේශයේ දී එල්ලවූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (04) උදෑසන මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ ගල්වඩුවාගම සිවලාකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි තිදරු පියෙක්.

ගොවිතැනින ජිවත් වන මෙම පුද්ගලයා ඊයේ සවස හේනට ගොස් රාත්‍රියේ පැල් රැක අද උදෑසන යළි සිය නිවසට පැමිණෙන අවස්ථාවේ ගල්වඩුවාගම අලුත් පාලම අසල දී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

එල්වූ වන අලි ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පැල් රැකීම සඳහා ඊයේ නිවසින් පිටත්ව ගිය ඔහු යළි අද නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සොයාබලා ඇති අතර එහිදී ඔහුගේ මළ සිරුර හමුවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?