වනිඳුට එක්දින තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය අහිමි ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන්නේ වනිඳු හසරංග ඊයේ (10) නිමාවට පත් වූ කිවියන්ට එරෙහි දෙවැනි හා අවසන් පන්දුවාර 20 තරගයේ දී සිදු වූ පාදයේ ආබාධයකට ලක් වීම මීට හේතුව බවයි.

වනිඳු ඊයේ පැවති පන්දුවාර 20 තරගයේ දී කිවියන්ට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා.

ඔහු ලකුණු 17කට කඩුලු 04ක් බිඳ දැමුවා.

වනිඳු නවසීලන්තයට එරෙහිව පැවති පන්දුවාර 20 තරගාවලියේ කඩුලු 06ක් ලකුණු 25කට දවා ගැනීමෙන් තරගාවලියේ වීරයා සම්මානයට ද පාත්‍ර වුණා.

එමෙන්ම වනිඳු හසරංග මෙම වසරේ (2024) මෙතෙක් එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතිවල වැඩිම කඩුලුලාභී ක්‍රීඩකයා ද වනවා.

ඉනිම් 28ක දී වනිඳු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 59ක්.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවේ වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රාටයි.

බුම්‍රා ඉනිම් 26ක දී කඩුලු 56ක් බිඳ හෙලා ඇති අතර තෙවැනි ස්ථානයේ සිටින කොදෙව් ක්‍රීඩක අල්සාරි ජෝසප් ඉනිම් 29ක දී කඩුලු 44ක් බිඳ දමා තිබෙනවා.

වනිඳු ඊයේ සිය තෙවැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන මොහොතේ දී පාදයේ ආබාධයට ලක් වූ අතර ඔහුට නියමිත පන්දුවාර 04 අවසන් කරමින් හෙතෙම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමටත් නායක අසලංක කටයුතු කළේ ආබාධය උත්සන්න වීම හේතුවෙන්.

එබැවින් අනිද්දා (13) දිනයේ දී දඹුල්ලේ දී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත කිවියන්ට එරෙහි තරග 03කින් සමන්විත එක්දින තරගාවලියට ම වනිඳු හසරංග එක් නොවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?