වනිඳුට එක්දින තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය අහිමි ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන්නේ වනිඳු හසරංග ඊයේ (10) නිමාවට පත් වූ කිවියන්ට එරෙහි දෙවැනි හා අවසන් පන්දුවාර 20 තරගයේ දී සිදු වූ පාදයේ ආබාධයකට ලක් වීම මීට හේතුව බවයි.

වනිඳු ඊයේ පැවති පන්දුවාර 20 තරගයේ දී කිවියන්ට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා.

ඔහු ලකුණු 17කට කඩුලු 04ක් බිඳ දැමුවා.

වනිඳු නවසීලන්තයට එරෙහිව පැවති පන්දුවාර 20 තරගාවලියේ කඩුලු 06ක් ලකුණු 25කට දවා ගැනීමෙන් තරගාවලියේ වීරයා සම්මානයට ද පාත්‍ර වුණා.

එමෙන්ම වනිඳු හසරංග මෙම වසරේ (2024) මෙතෙක් එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතිවල වැඩිම කඩුලුලාභී ක්‍රීඩකයා ද වනවා.

ඉනිම් 28ක දී වනිඳු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 59ක්.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවේ වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රාටයි.

බුම්‍රා ඉනිම් 26ක දී කඩුලු 56ක් බිඳ හෙලා ඇති අතර තෙවැනි ස්ථානයේ සිටින කොදෙව් ක්‍රීඩක අල්සාරි ජෝසප් ඉනිම් 29ක දී කඩුලු 44ක් බිඳ දමා තිබෙනවා.

වනිඳු ඊයේ සිය තෙවැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන මොහොතේ දී පාදයේ ආබාධයට ලක් වූ අතර ඔහුට නියමිත පන්දුවාර 04 අවසන් කරමින් හෙතෙම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමටත් නායක අසලංක කටයුතු කළේ ආබාධය උත්සන්න වීම හේතුවෙන්.

එබැවින් අනිද්දා (13) දිනයේ දී දඹුල්ලේ දී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත කිවියන්ට එරෙහි තරග 03කින් සමන්විත එක්දින තරගාවලියට ම වනිඳු හසරංග එක් නොවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39