වනිදු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මෙරට ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇත්තේ වනිදු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් 2024 අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි.

ඒ අනුව සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට වනිදු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ද ඉදිරියේ දී කටයුතු කරනු ඇති.

වනිදු හසරංග වම් වළලුකර ප්‍රදේශයේ ආබාධයකින් පසුවන බැවින් එය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා ඔහුට පුනරුත්තාපන කටයුතුවල හා විවේකීව කාලය ගත කිරීමට සිදු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

එමෙන්ම මීට දින කිහිපයට පෙර වනිදු වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් තිබුණා.

එහි දින තුනක පමණ කාලයක් ඔහු රැදී සිට ඇති අතර, එහිදී වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියට සහභාගී නොවී විවේක ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ද ඔහු වන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා වනිදු හසරංගගේ ද ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ජූනි මාසයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සූදානම් වීම බව නොරහසක්.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අයි.පී.එල් තරගාවලිය මැයි 26 වැනිදා අවසන් වී දින පහක පමණ කාලයකින් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?