වනසතුන් දඩයමේ ගිය අයෙකුට වෙඩි වැදීමෙන් මරුට

වනසතුන් දඩයම් කිරීම සඳහා කැලෑවට ගිය පුද්ගලයෙක් ගිනි අවියකට බිලිවීමෙන්
මරුමුවට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලීසිය පවසනවා.

මෙම මරණය ඊයේ (13) රාත්‍රියේදීයි සිදු ව ඇත්තේ.

මරණයට පත්ව ඇත්තේ මහකුඹුක්කඩවල – කොරකහයාය පදිංචිව සිටි ආර්.ඩී.අශෝක නලීන් සෙනවිරත්න නම් 32 හැවිරිදි දෙදරු පියෙක්.

මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ රැකියාවක් සඳහා විදේශගත වී ඇති බව ද පොලීසිය පවසනවා.

ඔහු තම දරුවන් සහ මව්පියන් සමග ජීවත් වී ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

මියගිය අය තම මිතුරෙකු සමග වනසතුන් දඩයම් කිරීම සඳහා මහකුඹුක්කඩවල, වල්පාළුව රක්ෂිතයට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී කිසියම් අයෙකු විසින් වනසතුන්ට අටවා තිබූ ගිනි අවියකට ඔහු බිලි වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

අනතුරින් තුවාල ලබා සිටි අයව ඔහු සමග ගිය මිතුරා විසින් ආණමඩුව දිසා
රෝහලට ඇතුළත් කළ ද හෙතෙම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ; රෝහලට රැගෙන එන විට ද මියගිය පුද්ගලයාගේ ශරීරයෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?