වනජීවී නිලධාරීන් සංකේත වැඩවර්ජනයක

දිවයින පුරා සිටින වනජීවී නිලධාරීන් අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වනවා.

වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම සංකේත වැඩවර්ජනය සිදුකරන බවයි වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළේ.

මේ වන විටත් රාජකාරිය් නිරතව සිටි වනජීවි නිලධාරින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඉන් 23 දෙනෙකු වන අලි ප්‍රහාරවලට ලක්ව මියගොස් ඇති බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම වන සම්පත ආරක්ෂා කිරීමට යාමේ දී බාහිර පුද්ගලයින් සමඟ ඇති වූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් වනජීවි නිලධාරින්ට රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදුව ඇති බවත්, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් රජයේ කිසිඳු පාර්ශ්වයක මැදිහත්වීමක් සිදුනො වූ බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?