වනජීවී නිලධාරීන් සංකේත වැඩවර්ජනයක

දිවයින පුරා සිටින වනජීවී නිලධාරීන් අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වනවා.

වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම සංකේත වැඩවර්ජනය සිදුකරන බවයි වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළේ.

මේ වන විටත් රාජකාරිය් නිරතව සිටි වනජීවි නිලධාරින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඉන් 23 දෙනෙකු වන අලි ප්‍රහාරවලට ලක්ව මියගොස් ඇති බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම වන සම්පත ආරක්ෂා කිරීමට යාමේ දී බාහිර පුද්ගලයින් සමඟ ඇති වූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් වනජීවි නිලධාරින්ට රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදුව ඇති බවත්, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් රජයේ කිසිඳු පාර්ශ්වයක මැදිහත්වීමක් සිදුනො වූ බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14