බදුල්ල දිස්ත්‍රික්කය තුළ, වන අලි පලවා හැරීම සඳහා මී මැස්සන් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
අලි ගැටලු සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් සමඟ ඊයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
අලි වැට ඉදිකර ඇති ස්ථානවල කණු මත මීමැසි පෙට්ටි සවි කිරීමට යි මෙහි දී තීරණය කර ඇත්තේ.
මෙහි පළමු පියවර ලෙස බුද්ධං කෝට්ටේ සිට මිණිපේ ඇළ දක්වා ඉදිකර ඇති අලි වැටෙහි මී මැස්සන් යෙදවීමට කටයුතු කරනු ලබනවා.
බදුල්ල දිස්ත්‍රික්කය තුළ, වන අලි ප්‍රහාරවලින් මේ වසරේ ගෙවුණු කාලය තුල දී පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇති අතර සිදු ව ඇති දේපොල හානි සංඛ්‍යාව 200කට අධිකයි.
එහි දී වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් ද ගෙවා තිබෙනවා.




