වත්තේගම මාළු ව්‍යාපාරිකයා ඝාතනයේ තවත් සැකකරුවන් තුනක් අල්ලයි

මහනුවර, වත්තේගම නගරයේ මාළු ව්‍යාපාරිකයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සන්තකයේ තිබී ඝාතනය සඳහා භාවිත කළ බව කියන කඩු 04ක් සහ මුදලින් රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දහසක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනෙක් සැකකරු ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අනතුරුව මොවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී ඝාතනය සඳහා යොදාගත් කඩු 04ක් තලංගම ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගත බවයි වාර්තා වුණේ.

සැකරුවන් අපරාධයට පැමිණි මෝටර් රථය ද තලංගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් තුළ දමාගොස් තිබිය දී පසුගිය දා පොලිසිය විසින් සොයා ගත්තා.

අදාළ මාළු ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා ඔහුගේ වෙළෙඳසැලට යාබද වෙළෙඳසැළේ මාළු ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බවට අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පපොච්ච්රණය කර තිබෙනවා.

ඒ, අනුව මෙම ඝාතනය සිදුකළ බවයි සැකකරුවන් වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ.

පසුගිය 03 වැනිදා මහනුවර, වත්තේගම ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් කපා කොටා මාළු ව්‍යාපාරිකයෙකු වූ සංජීව වසන්ත කුමාර හෙවත් අමිල ඝාතනය කර තිබුණා.

මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?