Empty Ad
AFC Banner
Empty Ad

වගා හානි ගැන අලුත් අනාවරණයක්

නියඟය, අධික වර්ෂාව හා සේනා දළඹු හානිය වැනි හේතුන් මත මෙම මස 12 වන දින වන විට සිදු කරන ලද වගා හානි තක්සේරු කිරීම් අනුව අක්කර 65,871.32ක් වගා හානි සිදුව තිබෙනවා. එමගින් බලපෑමට ලක් වූ ගොවින් ප්‍රමාණය 67,122ක්.

පසුගිය 12 දිනට මෙරටින් වාර්තා වී ඇති වගාහානි පිළිබඳ වාර්තාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබෙනවා.

එහි දැක්වෙන්නේ වී වගාවේ අක්කර 65,411.17ක් හා අනෙකුත් බෝග ආශ්‍රිතව අක්කර 460.15ක් ද හානියට ලක්ව ඇති බවයි.

මෙමගින් වී වගා කළ ගොවීන් 66,718ක් සහ අනෙකුත් බෝග වගා කළ ගොවීන් 404 දෙනෙක්ද බලපෑමට ලක්ව තිබෙනවා.

වැඩිම වගා හානි ප්‍රමාණය වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එහි අක්කර 26,813.67ක් වගා හානි සිදුව ඇති අතර පීඩාවට පත්වූ ගොවීන් ප්‍රමාණය 32,245ක්.

දෙවන ස්ථානයට වැඩිම වගාහානි ප්‍රමාණය උඩවළව කලාපයෙන් වාර්තා වනවා. එහි අක්කර 14,810.13ක් වගා හානි වාර්තා වන අතර බලපෑමට ලක්වු ගොවින් ප්‍රමාණය 11,651ක්.

තුන්වන ස්ථානයට වැඩිම වගාහානි ප්‍රමාණය දැන් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව අක්කර 5235ක් වගා හානි සිදුව ඇති අතර ගොවීන් ප්‍රමාණය 4339ක් වනවා.

මාතලේ අක්කර 1496 (ගොවීන් 2555ක්), පුත්තලම අක්කර 2244ක් ( ගොවීන් 1636ක්), පොලොන්නරුව අක්කර 1543ක් ( ගොවීන් 599), හා මොනරාගල අක්කර 1125ක් ( ගොවීන් 1095ක්) වශයෙන් වාර්තා වී තිබෙනවා.

කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය විසින් අවසන් වගාහානි තක්සේරු වාර්තාව ලබා දුන් වහාම එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

එමෙන්ම වගාහානි සඳහා වන්දි ගෙවිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිටත් තමන් විසින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් කර තිබෙන බවත්, එය ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>