වගා හානි අක්කර 46,539ක් දක්වා ඉහළට – සහල් මිල ගැනත් අනාවැකියක්

පසුගිය 18 වනදා වනවිට මෙවර යල කන්නයේ වී, අර්තාපල්, ලොකු ලූණු, බඩඉරිඟු, සෝයා සහ මිරිස් ඇතුළු වගාවන්ට සිදුවු හානිය අක්කර 46,530.74ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

මේ හේතුවෙන් එම දිනය වනවිට පීඩාවට පත්ව සිටින ගොවීන් ප්‍රමාණය 41,046ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වගා හානි සිදුව ඇති ආකාරය අනුව වී අක්කර 46,336.54ක්, බඩඉරිඟු අක්කර 159ක්, අර්තාපල් අක්කර 10.25ක්, ලොකු ලූනු අක්කර 1.5ක්, මිරිස් අක්කර 1.2ක් සහ වෙනත් බෝග අක්කර 31.25ක් ද වනවා.

වගා හානි තක්සේරු කිරීම වදුරටත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බවයි මණ්ඩලය සඳහන් කළේ.

මෙහි ඇති විශේෂත්වය නම් වැඩිම වී අස්වැන්නක් ලැබෙන ප්‍රදේශවලින් අවම හානියක් වාර්තා වීමයි.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වනවිට අක්කර541ක්, අම්පාර 482ක්, අනුරාධපුර 336ක්, පොලොන්නරුව 431ක්දෙ සහ දෙහිඅත්තකණ්ඩියෙන් අක්කර 353ක් වශයෙනුයි වාර්තා වී ඇත්තේ.

වැඩිම අස්වැන්නක් ලැබෙන වැඩිම හානියක් සිදුව ඇති ප්‍රධාන කලාපය වන්නේ උඩවළව කලාපයයි.

මේ අතර ඊයේ (19) අම්බලන්තොට වී පර්යේෂණායතන ගොවිපොළේ ක්ෂේත්‍ර දිනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණා.

එහිදී එම ගොවිපළේ වී අස්වනු නෙළිම ද ආරම්භ වූයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ද සහභාගීත්වයෙන්.

එහිදී යල කන්නයේ වී අස්වැන්න සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ යල කන්නයේ හෙක්ටෙයාර් පන්ලක්ෂ තුන්දහසක් වගා කර ඇති අතර අක්කර ලක්ෂයක වගා හානි වාර්තා වුනත් සහල් හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බවයි.

මෙවර යල කන්නයේ හෙක්ටයාර් පන්ලක්ෂ තුන්දහසක වී වගා කරනු ලැබ ඇති අතර ඉතා ඉහළ වී අස්වැන්නක් යල කන්නයේ අපේක්ෂා කළ ද දිවයිනට බලපෑ නියඟය හේතුවෙන් මේ වනවිට අක්කර පනස් දහසක පමණ වගා හානියක් සිදු වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

එසේ වුවත් අස්වනු නෙලා අවසන් කළ කුඹුරු රැසකින් ඉහළ අස්වැන්නක් ද ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අධ්‍යයන මගින් සනාථ වී තිබෙනවා.

නියඟය හේතුවෙන් යල කන්නයේ කුඹුරු අක්කර ලක්ෂයක වී අස්වනු විනාශ වුවත් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති නොවනු ඇති බවටයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට සහල් හිඟයක් ඇති වෙතැයි බියක් තබා ගත යුතු නොමැති අතර රට තුළ පවතින වී සහ සහල් තොග ලබන මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් ප්‍රමාණවත් වනු ඇති බව ද ඔහු සඳහන් කළා. නමුත් රජය සතුව අමතර සහල් හෝ වී තොග (Buffer stock) නොමැති බව සඳහන්. දැනට සියලු වී තොග පවතින්නේ පුද්ගලික අංශයේ වන අතර වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කළ ද ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමෙන් වැළකී සිටින බවයි වාර්තා වන්නේ.

එම හේතුව මත ඉදිරි කාලය තුළ සහල් හිඟයක් ඇති නොවුනත් වෙළෙඳ පොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇති බව සඳහන්.

පුද්ගලික අංශය සතුව වී තොග පවතින හෙයින් සහල් මිල ඉහළ ගියහොත් ඊට මුහුණ දීමට මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙවර යල කන්නයේ දී උඩවලවේ කලාපය තුළ හානියට පත් කුඹුරු සියල්ලම ඉහළම අස්වැන්නක් ලබා දෙන කුඹුරු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29