ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.
“ආදරෙන් සුරකින්න අපිට ලොව දිනන්නට” තේමාව යටතේ මෙවර ලෝක ළමාදිනය සමරනු ලබනවා.
එමෙන්ම මෙවර ලෝක වැඩිහිටි දිනය ද අද සමරනු ලබන්නේ “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” යන තේමාව යටතේයි.
මෙවර ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා පාසල්වල අද දිනයේ විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබෙනවා.
මේ අතර ලෝක ළමා දිනය යෙදී තිබෙන අද දිනයේ දී වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අවසර ලබා දී ඇති බව වාර්තා වනවා.
ලෝක ළමා දිනයට සමගාමීව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන වැඩසටහන් පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මේ බව සඳහන් කළා.
මේ අතර ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 වනදා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර, වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) දිනයේ සිට ලබන 07 වනදා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මක කෙරෙනවා.















