ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය එළඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ සහ ගිහි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සරය සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යවරයා, ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නා.

1966 වසරේදී ශ්‍රී ලංකාවේදී ප්‍රථමයෙන් ආරම්භ කරන ලද මෙම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ සැමරුම, එය ආරම්භ වූ රටේදීම පැවැත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බවද මෙහි සංවිධායක මණ්ඩලය මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යන සියලුම බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50 ක නියෝජිතයන් 600ක් පමණ මෙම සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණීමට නියමිත අතර ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මෙරට භික්ෂූන් වහන්සේලා 500 නමකගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වෙනවා.

මෙම සැමරුම සඳහා භූතාන රජු ඇතුළු බෞද්ධ රටවල රාජ්‍ය නායකයන්ට ආරාධනා කිරීමට ද අපේක්ෂිතයි.

මෙහි සමාරම්භක උත්සවය නොවැම්බර් 28 වනදා කොළඹ, නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ. විධායක සභා රැස්වීම් සහ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ (Academic Conference) නොවැම්බර් 29 දා පැවැත්වීමට සැලසුම් කර ඇත. ලෝක සාමය පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පවත්වනු ලබන විශේෂ පූජා වැඩසටහන නොවැම්බර් 30 වනදා සවස පැවැත්වෙයි. දෙසැම්බර් 01 වනදා රුවන්වැලි මහා සෑය සහ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍රකර ගනිමින් ආගමික වතාවත් සංවිධානය කර තිබෙනවා.

වස් කාලය අවසන් වීමෙන් පසු පැවැත්වෙන මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය පිළිබඳව යහපත් පණිවුඩයක් ලෝකයට ලබා දීමටත්, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයටත් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම සංවත්සර උත්සවය ජාතික මට්ටමේ වැදගත්කමකින් යුතුව සංවිධානය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද පවසා සිටියා.

එමෙන්ම පත් කරනු ලබන විශේෂ කමිටුව මගින් රජයේ පාර්ශ්වයෙන් සහ සංවිධායක මණ්ඩලයේ පාර්ශ්වයෙන් ඉටු විය යුතු කාර්යයන් කඩිනමින් හඳුනාගෙන ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා එමගින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය පිළිබඳව ඉතා යහපත් පණිවුඩයක් මුළු ලෝකයටම ලබා දිය හැකි බව පෙන්වා දුන්නා.

විදේශීය භික්ෂූන් වහන්සේලා සහ නියෝජිතයන් මෙරටට පැමිණීමේදී සහ පිටවීමේදී ගුවන් තොටුපළ තුළ විශේෂ ප්‍රවේශයන් (VIP facilities/Counter) ඇති කිරීම ඇතුළු පහසුකම් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.

එමෙන්ම, වැඩසටහන පැවැත්වෙන නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලය වෙත ගොස් එහි යටිතල පහසුකම් සහ ඉදිරි සැලසුම් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ලෝකයේ විවිධ රටවලින් පැමිණෙන නියෝජිතයන්ගේ සහභාගීත්වය තහවුරු කර ගැනීම සඳහා විධිමත් රාජ්‍යතාන්ත්‍රික ඇරයුම් සිදු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නා.

මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය ලෝකය හමුවේ යළි තහවුරු කිරීමටත්, රටේ ගෞරවය ඉහළ නැංවීමටත් ලැබෙන අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද නායක ස්වාමින් වහන්සේ, නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර කමිටුවේ සභාපති ආචාර්ය පුජ්‍ය බෝදාගම චන්දිම නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07