ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළු ජාතික කුඩා දරුවෙක් ඉදිරියේ දණ ගසා සිටින මෙම ඡායාරූපය පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උන්මාදනීය ලෙස සංසරණය වුණා.
එහි දැක්වුණේ ජෝ බයිඩන් දණ ගසා සිටින්නේ පසුගිය වසරේ ඇමරිකානු පොලිස් නිලධාරියකුගේ පහරදීමක් හමුවේ මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවා ඉදිරියේ බවයි.
ඇමරිකානු ජනාධිපතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ කුඩා දරුවාගෙන් සමාව අයැද සිටි බවත් එම ඡායාරූපයක් සමග අමුණා තිබූ සටහනේ දක්වා තිබුණා.
කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවය පසුව කළ විමසුමකදී හෙළි වී ඇත්තේ මෙම සිද්ධිය එම ඡායාරූප සටහනේ ඇති සිද්ධිය සමග කිසිසේත් නොගැලපෙන බවයි.
මෙහිදී හෙළිදරව් වී ඇත්තේ මෙම ඡායාරූපය ජනාධිපති ජෝ බයිඩන් ඩෙට්‍රොයිට් නගරයේදී ඩීජේ බ්‍රවුන් නැමැති කුඩා දරුවා සමග කතාබහ කරන අවස්ථාවේදී ගත් චායාරූපයක් බවයි.
එය 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී රොයිටර් ඡායාරූප ශිල්පී ලේ මිල්ස් විසින් ගන්නා ලද්දක් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.
මෙම ඡායාරූපය අලලා ට්විටර් පණිවිඩයක් නිකුත් කල ඇමරිකානු සෙනෙට් මණ්ඩල සභිකයකු පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා ජෝර්ඡ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරියා සිටි ඉරියව්වෙන් සිටිමින් ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවාගෙන් සමාව ඉල්ලා සිටි බවයි.
මිනෙසොටා ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනය වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය වෙනුවෙන් ඇමරිකානු රජය ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 27ක වන්දි මුදලක් ද ප්‍රදානය කළා.