ලෝක බලවතා පුංචි දරුවෙක් ඉදිරියේ දණ ගැසූ ඡායාරූපයේ ඇත්ත කතාව එළියට

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළු ජාතික කුඩා දරුවෙක් ඉදිරියේ දණ ගසා සිටින මෙම ඡායාරූපය පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උන්මාදනීය ලෙස සංසරණය වුණා.

එහි දැක්වුණේ ජෝ බයිඩන් දණ ගසා සිටින්නේ පසුගිය වසරේ ඇමරිකානු පොලිස් නිලධාරියකුගේ පහරදීමක් හමුවේ මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවා ඉදිරියේ බවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ කුඩා දරුවාගෙන් සමාව අයැද සිටි බවත් එම ඡායාරූපයක් සමග අමුණා තිබූ සටහනේ දක්වා තිබුණා.

කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවය පසුව කළ විමසුමකදී හෙළි වී ඇත්තේ මෙම සිද්ධිය එම ඡායාරූප සටහනේ ඇති සිද්ධිය සමග කිසිසේත් නොගැලපෙන බවයි.

මෙහිදී හෙළිදරව් වී ඇත්තේ මෙම ඡායාරූපය ජනාධිපති ජෝ බයිඩන් ඩෙට්‍රොයිට් නගරයේදී ඩීජේ බ්‍රවුන් නැමැති කුඩා දරුවා සමග කතාබහ කරන අවස්ථාවේදී ගත් චායාරූපයක් බවයි.

එය 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී රොයිටර් ඡායාරූප ශිල්පී ලේ මිල්ස් විසින් ගන්නා ලද්දක් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

මෙම ඡායාරූපය අලලා ට්විටර් පණිවිඩයක් නිකුත් කල ඇමරිකානු සෙනෙට් මණ්ඩල සභිකයකු පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා ජෝර්ඡ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරියා සිටි ඉරියව්වෙන් සිටිමින් ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවාගෙන් සමාව ඉල්ලා සිටි බවයි.

මිනෙසොටා ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනය වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය වෙනුවෙන් ඇමරිකානු රජය ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 27ක වන්දි මුදලක් ද ප්‍රදානය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21