අනතුරට පත් ඉරාන නෞකාවේ සිටි 30 දෙනෙක් කරාපිටිය රෝහලට

මෙරටට ආසන්න මුහුදු සීමාවක, ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක්, ගිලෙමින් පවතින බවට අද (04) උදැසන නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට පණිවිඩ ලැබුණු බවත් ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව සහ ගුවන් හමුදාව, ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව එම නෞකාවේ සිටි තුවාල ලැබූ 30 දෙනෙක් කරාපිටියට රෝහලට රැගෙන ඒමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ඒ වන විට එම නෞකාවේ 180 දෙනෙක් පමණ රැඳී සිට ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් එම නෞකාව අනතුරට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු සඳහන් කළා.

”අපට අයත් නොවන මුහුදු සීමාවේ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් ගිලිනවා කියන පණිවිඩය අද උදෑසන 05.08ට විතර අපේ නාවික හමුදාවට සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට පණිවිඩ ලැබුණා. අපි උදේ 06 වෙනකොට මැදිහත් වුණා. ගුවන් හමුදාව සහ නාවික හමුදාව දෙකම මැදිහත්වුණා, 30 දෙනෙක් පමණ දැඩි අනතුරට ලක්වෙලා තියෙනවා. 180ක් විතර නෞකාවේ සිටිය බවට තොරතුරු තියෙනවා. 30 දෙනාගේ ජීවිත බේර ගන්න මේ වෙනකොට කරාපිටිය රෝහලට රැගෙන එනවා.”යැයි අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11