ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්ථාන ගැටුම ගැන අර්බුදකාරී තත්ත්වයක් – කාලසටහනත් වෙනස්වන ලකුණු

එළෙඹෙන ඔක්තෝම්බර් මාසයේ ඉන්දියාවේ දී ආරම්භවන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල කාලසටහන මේ වන විටත් ප්‍රකාශයට පත්කර අවසන්.

එම කාලසටහනට අනුව මෙවර තරගාවලියේ ඔක්තෝම්බර් 15 වනදා පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්ථාන තරගය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.

අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය සඳහා මේ වනවිටත් ක්‍රීඩාලෝලීන් අතර දැඩි උනන්දුවක් පවතින ආකාරය දැක ගත හැකියි.

මෙවැනි තත්ත්වයක දී මෙම සුවිශේෂී තරගය පැවැත්වෙන දිනය සංශෝධනය කිරීමට අවදානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තරගය පැවැත්වෙන ඔක්තෝම්බර් මස 15 වන දින ඉන්දියාවේ (විශේෂයෙන් ගුජරාට් ප්‍රාන්තයේ) රාත්‍රී ගර්බා නැටුම් සමඟ සමරනු ලබන උත්සවයක් වන ‘නවරාත්‍රී’ පළමු දිනය එදිනට යෙදී තිබීම මෙයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ආරක්ෂක හේතූන් මත මෙම තරගය පැවැත්වෙන දිනයේ සංශෝධනයක් සිදුකරන ලෙසයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ආරක්ෂක අංශ වෙතින් උපදෙස් ලැබී ඇත්තේ.

උත්සවයක් දී ඇති දිනක මෙම තරගය ද යෙදී තිබීම තුළින් කිසියම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

ඒ, අනුව කිසියම් විකල්පයක් පිළිබඳව සලකා බලමින් සිටින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් ඉක්මනින් තීරණයක් ගන්නා බවයි සඳහන් කළේ.

මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා විසින් තරගාවලියේ සියලුම සත්කාරක ස්ථානවල සාමාජිකයින්ට හෙට (27) දිනයේ නවදිල්ලියේ රැස්වීමක් සඳහා රැස්වන ලෙස ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.

එහිදී ඉන්දියා – පාකිස්ථාන තරගය පිළිබඳව තීරණයක් ගත හැකි බවත් පවසා තිබෙනවා.

මෙවැනි වාතාවරණයක් මේ වනවිට ඉන්දියාව තුළ පවතින තත්ත්වයක, ඉන්දු – පාකිස්ථාන තරගය නැරඹීම වෙනුවෙන් බොහෝ ප්‍රේක්ෂකයින් අහමදාබාද් නුවරට පැමිණීමට මේ වනවිටත් අධික මුදලක් ගෙවමින් ගුවන් ටිකට් පත් පවා වෙන්කරගෙන තිබෙනවා.

එමෙන්ම තරගය පැවැත්වීමට නියමිතව තිබූ ඔක්තෝම්බර් 15 සහ අසල දිනවලට හෝටල් කාමර පවා වෙන්කර තිබෙන බව මීට පෙර වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21