ලෝක ක්‍රිකට් උපදේශක කමිටුවේ සභාපතිකම සංගක්කාරට

MCC ලෝක ක්‍රිකට් උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා.

මෙම කමිටුව සඳහා වත්මන් අයි.සී.සී සභාපති ධුරය දරණ ජේ ෂා ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

නව උපදේශක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් ලෙස හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි, දකුණු අප්‍රිකානු හිටපු ආරම්භක ක්‍රීඩක ග්‍රීම් ස්මිත් සහ එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඇන්ඩෲ ස්ට්‍රෝස් මෙන්ම එංගලන්ත කාන්තා නායිකා හෙදර් නයිට් සහ ජියෝස්ටාර් හි ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා ඇතුළත්.

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ලෝඩ්ස් හි පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයට පෙර, එනම් එළඹෙන ජුනි 07 සහ ජුනි 08 යන දිනවල දී MCC ලෝක ක්‍රිකට් උපදේශක කමිටුව රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?