AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයාගේ ආදරයට පාත්‍ර වූ පිලිප් කුමාරයාගේ අවසන් කටයුතු සිදු කරන හැටි මෙන්න

සමස්ත බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ජන හදවතේ කුමාරයා ලෙස විරුදාවලිය යි පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද දින ලන්ඩනයේ දී සිදුකිරීමට නියමිතයි.

මේ වන විට එඩින්බරෝ ආදිපාදවරයාගේ නිසල  දෙන දෙවැනි එලිසබත් රැජිනගේ නිල මාළිගය වන වින්ඩ්සර් රජමාලිගයේ තැන් පත් කර තිබෙනවා.

පුරා දින අටක් විශේෂ අමුත්තන්ගේ සහ රාජකීයයන්ගේ අවසන් ගෞරවය සඳහා වින්ඩ්සර් රජමාලිගයේ තැන්පත් කර තිබූ එඩින්බරෝ ආදිපාදවරයාගේ නිසල දේහය අද සවස 3 ට වින්ඩ්සර් රජමාලිගයේ සිට ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙත රැගෙන එනු ඇති.

ඒ පිලිප් කුමරුගේ අවමංගල්‍යය දේව මෙහෙය සඳහායි.

බ්‍රිතාන්‍යයේ පවතින කොවිඩ් -19 වසංගත නීති රීති අනුව මෙම අවස්ථාවට සහභාගි වීමට ඉඩ ලැබෙන්නේ දෙවන එලිසබත් රැජින විසින් ආරාධනා කරනු ලබන පවුලේ සමීපතම තිස් දෙනෙකුට පමණයි.

ඔවුන්ද කෝවිඩ් නීතිරීති අනුව යමින් නියමිත දුරස්ථභාවය තබාගෙන මුහුණු ආවරණ පැළඳ මෙම අවස්ථාව සඳහා සහභාගී වනු ඇති බවටයි රාජකීය මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

එමෙන්ම මෙම අවමංගල්‍යය දේව මෙහෙය සඳහා රාජකීය කාන්තා පාර්ශවය දිවා සැහැල්ලු ඇඳුමකින් සැරසී පැමිනෙනු ඇති බවටයි රජ මාළිග බලධාරීන් පවසන්නේ.

මෙම සැහැල්ලු ඇඳුමට හේතු වී ඇත්තේ රාජකීය අවමංගල්‍ය උත්සවය සඳහා දෙවැනි එලිසබත් රැජින විසින් රාජකීයයන්ට හමුදා නිල ඇඳුම් ඇඳීම තහනම් කර තිබීමයි.

ඒ මේ වන විට රාජකීයත්වය අත්හැර සිටින හැරී කුමරු මෙම උත්සවය සඳහා සිවිල් ඇඳුමෙන් සැරසී පැමිණෙන්නට නියමිතව තිබීම නිසායි.

කෙසේ වෙතත් රජමාලිගයේ බලධාරීන් පවසන්නේ රාජකීයයන් සිය කලු පැහැති කබා මත ඔවුන්ගේ ගෞරවනීය හමුදා පදක්කම් පැළඳ මෙම අවස්ථාවට එක්වනු ඇති බවටයි.

මේ අතර පිලිප් කුමරුගේ අභාවයෙන් පසු පළමු වරට දෙවන එලිසබත් රැජින වින්සර් රජ මාළිගයෙන් පිටතට පැමිණ ඇති බව අද වාර්ථා කෙරුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?