ලොහාන් රත්වත්තේ පාවිච්චි කළ බව කියන හොර අංක තහඩු යෙදූ තවත් ජීප් රථයක් හමුවෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිත කළ බව කියන ව්‍යාජ අංක තහඩු යෙදූ තවත් ජීප් රථයක් සොයාගෙන තිබෙනවා.

තෙල්දෙණිය පොලිස් වසමේ පාළු නිවසක ගරාජයක් තුළ තිබී එම රථය පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

තෙල්දෙණිය පොලිසියට ලද තොරතුරකට අනුව මෙම ජීප් රථය සොයාගෙන ඇති අතර, මෙලෙස සොයාගෙන ඇත්තේ මිට්සුබිෂි වර්ගයට අයත් ජීප් රථයක්.

එම ජීප් රථය සඳහා KN 5556 යනුවෙන් ව්‍යාජ අංක තහඩුවක් සවිකොට තිබී ඇති අතර, ඒ ඔස්සේ සිදු කරන ලද විමර්ශනවල දී එම අංකය හිමි තවත් රතු පැහැති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳට අයත් බව කියන මිරිහාන ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී සුඛෝපභෝගි මෝටර් රථයක් පසුගිය 26 වනදා සොයාගත්තා.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (31) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10