AFC Banner
AFC Banner
Empty Ad

ලොහාන් තග දැමූ පෙරකදෝරුවාගෙන් ප්‍රසිද්ධියේ සමාව අයදියි (වීඩියෝ)

බීමතින් ඩිෆෙන්ඩර් ජීප් රථයක් පදවා මෝටර් රථයක් හප්පා අනතුරක් සිදුකර එහි ගමන් ගත් නීතිඥවරයකුට බැණ මරණීය තර්ජන සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එලෙස බැණ තර්ජනය කළ නීතිඥවරයාගෙන් විවෘත අධිකරණයේ දී ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියා.

බැණ තර්ජනය කිරීමේ චෝදනාවට අදාළ ව කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (09) නඩුව කැඳවූ අවස්ථාවේ දී ලොහාන් රත්වත්තේ මහතා මෙලෙස සමාව ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ අගතියට පත් අකලංක උකවත්ත මහතා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් නීතිඥ මඩුල්ල ප්‍රකාශ කර සිටියේ ලොහාන් රත්වත්තේ මහතා අගතියට පත් පාර්ශ්වයට ලක්ෂ 10 මුදලක් ගෙවීමට එකඟ වූ බවත් ඒ හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය ගැටලුව සමථයකට පත්කර ගැනීමට කැමති බවත් ය.

නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කර අදාළ සමථය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ද එහිදි අධිකරණය නියෝග කළා.

ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත ලොහාන් රත්වත්තේ මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

සිද්ධියට සම්බන්ධ වාහනය ද රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමෙන් අනතුරුව නිදහස් කරන ලෙස ද එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

නැවත නඩුව ලබන ජනවාරි 09 වැනිදා කැඳවීමට එහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර නීතිඥ සුරංග පෙරේරා ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?