ලොව වේගවත්ම මිනිසා ලෙස වසර 15ක් කිරුළු පැළඳි ධාවන ශූර ජිම් හයින්ස් මියයයි

ලොව වේගවත්ම මිනිසා ලෙස වසර 15ක කාලයක් කිරුළු පැළඳ සිටි ඔලිම්පික් ධාවන ශූර ජිම් හයින්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන ඔහු 76 හැවිරිදි වියේ පසු වුණා.

ජිම් හයින්ස් සැළකෙන්නේ මීටර් 100 ධාවන තරගයක් තත්පර 10කට අඩු කාලයකින් නිමකළ ලොව පළමු මිනිසා ලෙසයි.

ඔහු එක්සත් ජනපද ශූරතාවලියේ දී තත්පර 9.9ක කාලයක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා.

පසුව ඔහු 1968 මෙක්සිකෝ ඔලිම්පික් උළෙලේ තත්පර 9.95ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගනිමින් කෙටි කලකට පසු ඔහුගේම වාර්තාව බිඳ දැමීමට සමත් වුණා.

ධාවන ශූර කැල්වින් ස්මිත් 1983 වසරේ දී 9.93 ක කාලයක් වාර්තා කරන තෙක් ජිම් හයින්ස්ගේ වාර්තාව වසර 15 කට ආසන්න කාලයක් පැවතුනා.

හයින්ස් 1946 වසරේ දී ආකැන්සාස් ප්‍රාන්තයේ උපත ලැබූ නමුත් ඔහු හැදී වැඩුණේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්වලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?