ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද පුපුරා යයි (ඡායාරූප)

ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද ලෙස සැලකෙන හවායි හි මවුනා ලෝවා ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ගිනිකන්ද පුපුරා ගියේ වසර 40 කට පසුව බවයි.

ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිටන ජනතාවට අනතුරු අඟවා ඇති අතර, අළු වැටීමේ අවදානමක් ඇති බවද ඔවුන්ට දන්වා තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය (USGS) පවසා ඇත්තේ ගිනි කන්දේ තත්ත්වය වේගයෙන් වෙනස් විය හැකි බවයි.

ගිනිකන්දේ තත්ත්වය මේ වන විට “අනතුරු ඇඟවීමක්” තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවයි බී.බී.සි පුවත් සේවය වාර්තා කරන්නේ.

මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය ව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?