මැණික් ලොව වටිනාම පාෂාණ විශේෂයක්. මැණික් විවිධ වර්ග වලින් හමුවන අතර ඒවායේ වටිනාකම මැණික් වර්ගය අනුව විශාල වශයෙන් වෙනස් වනවා. ලොව වැඩිම මැණික් හමුවන ප්‍රධාන රටවල් 10 අතර ශ්‍රී ලංකාවද ඉදිරියෙන් සිටින බව අපට ආඩම්බරයෙන් කිව හැකී. අතීතයේදී පිටරැටියන් වෙලද කටියුතු සදහා මෙන්ම රාජ කුමාරිකාවන්ගේ පලදනා නිර්මාණය කිරීම සදහාත් ලංකාවෙන් මුතු මැණික් රැගෙන ගිය බවට වාර්තා විශාල ප්‍රමාණයක් පවතිනවා. එලෙසම ලංකාවෙන් විවිධ මැණික් වර්ග 50කට අධික සංඛ්‍යාවක් හමුවන බවයි වාර්තා තුල සදහන් වන්නේ.
ලොව වැඩිම මැණික් අපනයනය කරන මෙන්ම මැණික් හමුවන රාජ්‍ය ලෙස සැලකෙන්නේ අප්‍රිකානු මහාද්වීපයට අයත් දූපත් දේෂයක් වන මැඩගස්කර් (Madagascar) රාජ්‍යයයි. ඒ වගේම ඔවුන් ලෝක වෙලදපොලේ සමස්ථ නිල් මැණික් නැත්නම් සෆායා (Sapphire) අපනයනයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනු ලබනවා. රුසියාව හා බොට්ස්වානා (Russia and Botswana) යන රාජ්‍යයන් දියමන්ති (Diaomods) වැඩි වශයෙන් හමුවන රාජ්‍යයන් ලෙස නම් දරා තිබෙනවා. දකුණු ඇමරිකානු මහාද්වීපයේ ඇති කොලොම්බියාව (Colombia) ලොව වැඩිම එමරල්ඩ් (Emarald) අපනයනය කරන රාජ්‍යයි. ඔවුන් ලෝක වෙලදපොලේ ඇති සම්පූර්ණ එමරල්ඩ් ප්‍රමාණයෙන් 70%ත් 90%ත් අතර ප්‍රමාණයක් අපනයනය කරනු ලබනවා. මෙම ලිපිය පාදක වන්නේ ලොව දැනට පවතින මිලෙන් අධිකම මැණික් හා පාෂාණ විශේෂයන් 10 පිලිබදවයි.
10. ඕස්ට්‍රේලියානු කළු ඕපල් (Australian Black Opal)
ඕපල් (Opal) යනු ඇමතිස්ට් (Amethyst) හා මුතු (Perl) අතර විලයනයක් ලෙස සදහන් කල හැකී. කළු ඕපල් තරමක් අඳුරු පැහැති මැණික් ගල් වර්ගයක් වන අතර ඒවායේ කැරට් එකක ප්‍රමාණයක් ඕස්ට්‍රේලියානු ඩොලර් 15,000ක් පමණ වන බව සඳහන් වනවා. Black Opal මෙන්ම Dark Opal යන නමින්ද හදුන්වන්නේ මෙම මැණික් වර්ගයයි. කලු ඕපල් මැණික් ගල් අඳුරු කොළ පැහැයක් හෝ අඳුරු නිල් පැහැයකින් යුක්ත වනවා. හොඳින් ඔප දැමූ කළු ඕපල් මැණික් ගල් වල දේදුණු වර්ණ පවා දැකගත හැකියි.
ලෝකයට කලු ඕපල් සපයන ප්‍රධානම රාජ්‍ය ඕස්ට්‍රේලියාවයි. ලොවපුරා ඕපල් අවශ්‍යතාවයෙන් 90%ත් 95%ත් අතර ප්‍රමාණයක් ඔවුන් විසින් සපයනු ලබයි. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් (New South Wales) ප්‍රාන්තයේ ලයිට්නින් රිඩ්ජ් (Lightning Ridge) නම් නගරය කලු ඕපල් මැණික් සදහා ලොව වඩාත් ප්‍රසිද්ධම මෙන්ම විශාල වශයෙන් කලු ඕපල් හමුවන නගරය ලෙසයි වාර්තා වන්නේ.
09. දියමන්ති (Diamonds)
දියමන්ති කියන්නෙ ස්භාවධර්මයේ අපූරු නිර්මාණයක්. කාබන් අනු එක්වීමෙන් සෑදී තිබෙන දියමන්ති ලොව වඩාත් පැරණිම මෙන්ම වඩාත් ශක්තිමත්, වටිනා පාෂාණ විශේෂයක්. දියමන්ති විවිධ වර්ණයන්ගෙන් යුක්ත වන අතර ඒවායේ වර්ණය අනුව පාෂාණීය මිල ගණන් වෙනස් වෙනවා. ලෝක වෙළඳපොලේ විකිණිය හැකි තත්වයේ පවතින සුදු දියමන්තියක (White Diamonds) කැරට් එකක වටිනාකම ඇමරිකානු ඩොලර් 15,000ක් බවයි සඳහන් වන්නේ.
අප්‍රිකානු රාජ්‍ය බොහොමයක දියමන්ති නිදි බහුල වශයෙන් පවතිනවා. නමුත් මේවා බොහෝමයක් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ බටහිර සමාගම් විසින්. අප්‍රිකානු රාජ්‍යයන්ට දියමන්ති කර්මාන්තයෙන් ලැබෙන්නේ ඉතා සුළු ආදායමක් පමණයි. රුසියාව ලොව ප්‍රධානම දියමන්ති අපනයනකරු ලෙස හැදින්වනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාව හා කැනඩාව (Canada) වැනි රාජ්‍ය වලත් දියමන්ති නිදි හමුවනවා.
08. සෙරන්ඩිබයිට් (Serendibite)
ලොව ඉතාම දුර්ලභ මැණික් විශේෂයක් වන සෙරන්ඩිබයිට් මුල්ම වරට හමු වූයේ ශ්‍රී ලංකාවේදී වීම විශේෂත්වයක්. 1902 වර්ෂයේ ව්‍යාපාරික දුනිල් පාලිත ගුණසේකර මහතා (Mr Dunil Palitha Gunasekara) මෙම මැණික් විශේෂය හදුනාගෙන එය අතීතයේදී අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාව හැදින්වූ නාමය වන සෙරන්ඩිබ් (Serendib) නමින් නම් කරනු ලැබුවා. මෙම මැණික් හමුවූ ප්‍රදේෂය වූයේ අඹකොට්ටේ ප්‍රදේෂයේ ගගපිටිය ග්‍රාමයයි. සෙරන්ඩිබයිට් මැණිකක කැරට් එකක ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් 18,000ක් පමණ වන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ පමණක් නොව මියන්මාරය, මැඩගස්කරය හා ග්‍රීන්ලන්තයේත් සෙරන්ඩිබයිට් මැණික් හමුවනවා. ශ්‍රී ලංකාවට අතීතයේදී රත්න දීපය ලෙස හැදින්වූයේත් මෙවැනි දුර්ලභ මෙන්ම වටිනා මැණික් වර්ග විශාල වශයෙන් ශ්‍රී ලංකාවෙන් හමුවූ නිසයි. මෙම මැණික් වර්ගය බොහෝ විට අඳුරු නිල් (Dark Blue) පැහැයක් ගන්නවා. ඒ වගේම අඳුරු කොළ පැහැති (Dark Green) හා කහ පැහැති (Yellow Serendibite) සෙරන්ඩිබයිට් මැණික් වර්ගත් ශ්‍රී ලංකාවෙන් හමුවී තිබෙනවා.
07. ග්‍රැන්ඩයිඩිරයිට් (Grandidierite)
දකුණු මැඩගස්කරයේ දී මුල් වරට හමු වූ මෙම මැණික් වර්ගයේ කැරට් එකක ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් 20,000ක් පමණ වනවා. ඉතා දුර්ලභ මැණික් වර්ගයක් වන මෙය මැඩගස්කරයේ මැණික් කැණීම් කටයුතු සඳහා විශාල සේවයක් ඉටුකළ ප්‍රංශ ජාතික ඇල්ෆ්‍රඩ් ග්‍රැන්ඩිඩියර්ගේ (Alfred Grandidierite) මහතාට සිදුකරන ගෞරවයක් ලෙස ඔහුගේ නමින් නම් කොට තිබෙනවා. මෙම මැණික් වර්ගය මුල් වරට හඳුනා ගනු ලැබුවේ 1902 වර්ෂයේදී වන අතර ඇලුමිනියම් (Aluminum) හා බෝරෝන් (Boron) මෙම පාෂාණ වල බහුලවම හමුවනවා.
අවර්ණ පැහැයක් (පාරදෘෂ්‍ය) හෝ අඳුරු නිල් පැහැයක් නොඑසේනම් අඳුරු කොළ පැහැයක් ගන්නා මෙම මැණික් වර්ගය තවත් අප්‍රිකානු රටවල් කිහිපයක පමණක් හා ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රට වලත් නවසීලන්තය (New Zealand) හා නෝර්වේ (Norway) රාජ්‍යය තුලත් හමුවන ඉතා දුර්ලභ මැණික් විශේෂයක්.
06. ටාෆයිට් (Taaffeite)
ටාෆයිට් නම් මැණිම් වර්ගය මුල්වරට හමුවූයේ 1945 ඔක්තෝබර් මාසයේදී අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී (Dublin – Ireland). මෙම මැණික් වර්ගය සොයා ගත් රිචර්ඩ් ටාෆ මහතාට (Richard Taaffe) කරන ගෞරවයක් වශයෙන් තමයි මෙම ගල් වර්ගය ටාෆයිට් නමින් නම් කර තිබෙන්නේ. ටාෆයිට් ඈත අතීතයේ සිටම භාවිතා කර තිබුණ මැණික් ගල් විශේෂයක්. සමහර වෙලෙන්දුන් මෙය ටාෆීට් යන නමින්ද හදුන්වනවා. නමුත් පුදුමයට කාරණය නම් මැණික් ගල් විශේෂය ස්පිනෙල් (Spinel – කිරිංචි) නම් වෙනත් මැණික් ගල් විශේෂයක් ලෙස වැරදියට හදුනාගෙන තිබීමයි. එයින් ඔපමට්ටම් කරන ලද ස්පිනෙල් මැණික් අතරින් ටාෆයිට් වෙන්කර හදුනාගනු ලැබුයේ රිචර්ඩ් ටාෆ විසිනුයි. මෙලෙස ඔපමට්ටම් කරන ලද මැණික් ගල් අතරින් හඳුනාගත් පළමු මැණික් ගල් විශේෂය ලෙස ටාෆයිට් සැලකෙනවා. ඒ ලෙසම ටාෆයිට්හි තවත් විශේෂත්වයක් නම් එහි සංඝටක ලෙස ඇලුමිනියම්, බෙරලියම් (Beryllium) හා මැග්නීසියම් (Magnesium) තිබීමයි. එලෙස ප්‍රධාන සංඝටක ලෙස මැග්නීසියම් හා බෙරලියම් සහිතව හඳුනා ගත් ලොව පළමු මැණික් විශේෂය වන්නේද ටාෆයිට්.
තවත් දුර්ලභ මැණික් විශේෂයක් වන මෙම මැණික් විශේෂයේ කැරට් එකක ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් 35,000ක් පමණ වන බව සඳහන් වනවා. අයර්ලන්තයේ දී මුල් වරට හඳුනා ගත්තද ටාෆයිට් වැඩි වශයෙන් හමුවන්නේ ශ්‍රී ලංකාවේ හා අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේයි. මෙම පාෂාණ විශේෂය කෙතරම් දුර්ලභද යත් මේවා පවතින්නේ දියමන්ති දස ලක්ෂය ගණනකට එකක් තරම් ප්‍රමාණයක් බවයි වාර්තා වන්නේ.
05. එමරල්ඩ් (Emerald)
ශ්‍රී ලංකාවේ මරකත යන නමින් හදුන්වනු ලබන්නේත් එමරල්ඩ් මැණික්. ලොව හොදම එමරල්ඩ් මැණිකක කැරට් එකක ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් 308,000ක් පමණ වනවා. ලොව හොඳම එමරල්ඩ් මැණික් පැහැයෙන් අදුරු කොල පාටින් හෝ කොල පැහැයට හුරු නිල් පැහැයකින් යුක්ත වනවා. කහ පැහැති හෝ තනි නිල් පැහැති එමරල්ඩ් මැණික්ද පවතිනවා. නමුත් ඒවා දෙවන පෙල මැණික් ලෙසයි හඳුන්වන්නේ. බ්‍රසීලයෙන් (Brazil) 2001 වසරේදී හමුවූ බාහියා එමරල්ඩ් (Bahia Emarald) මැණික ලොව මිල අදිකම එමරල්ඩ් මැණික ලෙස සැලකෙනවා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් වන බවයි සඳහන් වන්නේ.
එමරල්ඩ් වැඩි වශයෙන් හමුවන්නේ බ්‍රසීලය, කොළොම්බියාව වැනි දකුණු ඇමරිකානු රාජ්‍ය වලත් සැම්බියාව (Zambia), සිම්බාබ්වේ (Zimbabwe) වැනි අප්‍රිකානු රාජ්‍ය වලයි. නමුත් ශ්‍රී ලංකා මරකත වලටත් ලෝක මැණික් වෙලද පොලෙහි විශාල ඉල්ලුමක් පවතින බව සදහන් කල යුතුයි.
04. රතු දියමන්ති (Red Diamonds)
රතු දියමන්ති සාමාන්‍ය දියමන්ති වර්ග අතර ඉතා දුර්ලභ දියමන්ති වර්ගයක් ලෙසයි සැලකෙන්නේ. පිරිසිදු රතු දියමන්ති කැරට් එකක ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් මිලියනයක තරම වනවා. 1900දී බ්‍රසීලයෙන් සොයාගත් මුසායිෆ් (Moussaieff Red Diamond) නම් රතු දියමන්තිය ලොව මෙතෙක් හමුවූ විශාලම රතු දියමන්තිය වනවා. එය ප්‍රමාණයෙන් කැරට් 5.11. නමුත් එය විකිණීමට පෙර කැරට් 13ක තරම් අගයක් පැවත් ඇති බව සොයාගෙන තිබෙනවා. මෙම දියමන්තියේ වත්මන් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 15ක් බවයි සදහන් වෙන්නේ. එලෙසම කසාන්ජියන් (Kazanjian Red Diamond) රතු දියමන්තිය ලෙස හැදින්වෙන දියමන්තියත් ලොව ඉතා ප්‍රසිද්ධ රතු දියමන්ති අතර තිබෙනවා. එය ඇමරිකානු ඩොලර් මිලියන 50ක් පමණ වටිනාකමකින් යුක්ත බවයි වාර්තා වන්නේ.
රතු දියමන්ති බොහෝ විට ව්‍යාජ ලෙස අලවි කරන බවට ප්‍රසිද්ධයි. රතු දියමන්ති ලෙස අලවි කරන ව්‍යාජ රතු කැට ඕනෑ තරම් ලොව පවතින බව සඳහන් වනවා. විදෙස් මාධ්‍ය සදහන් කර ඇති ආකාරයට සත්‍ය රතු දියමන්ති ලෝව පවතින්නේ ඉතා අල්ප ප්‍රමාණයක්. ඒ බොහෝ ඒවා බරින් කැරට් එකකට වඩා අඩු බවයි සඳහන් වන්නේ. රතු දියමන්ති බහුල ලෙස බ්‍රසිලයෙහි, ඕස්ට්‍රේලියාවේ හා අප්‍රිකානු රටවල හමුවන දියමන්ති අතර තිබෙන ඒවා වනවා.
03. රෝස දියමන්ති (Pink Diamond)
රෝස දියමන්ති නැතිනම් Pink Diamond ලොව ඉතාම දුර්ලභ දියමන්ති විශේෂයක්. ලෝ පුරා රෝස දියමන්ති පවතින්නේ 0.0001% තරම් අඩු ප්‍රමාණයක් බවයි සඳහන් වන්නේ. මේවායේ කැරට් එකක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.19ක් පමණ වනවා. ලොව විශාලතම රෝස දියමන්තිය හඳුන්වන්නේ රෝස තරුව (Pink Star) නමින්. එය බරින් කැරට් 59.60ක් වනවා. එය 2017 වර්ෂයේදී හොංග් කොංග්හී (Hongkong) සොතෙබීස් වෙන්දේසියේදී (Sothebys Auction) ඇමරිකානු ඩොලර් මිලියන 71.2ට අලවි වුන බව වාර්තා වනවා. රෝස දියමන්ති පලදින්නන්ට සතුට හා සෞභාග්‍ය උදාවන බව සැලකෙන නිසා ලොවපුරා මෙම දියමන්ති වලට විශාල වටිනාකමක් ලැබෙනවා.
මෙම දියමන්ති බහුල වශයෙන් බ්‍රසීලය, රුසියාව හා අප්‍රිකානු රටවලත් කැනඩාවේත් හමුවී තිබෙනවා. ඉරානය පාලනය කල අවසාන ෂා (Shah) රජතුමාවූ මොහොමඩ් රේසා පලාවි (Mohommed Reza Pahlavi) රජතුමා සිය තුන්වන මංගල දිනයේදී සිය බිරිද වූ ෆාරා ඩීබා (Queen Farah Diba) රැජිණට කැරට් 60ක් බර රෝස දියමන්තියක් ඇල්ලන ලද ඔටුන්නක් තෑගි කල බව සදහන් වනවා. එය වර්ථමානයේදී නූර් අල් එයින් (Nur Ul Ain Diamond) දියමන්තිය ලෙස හැදින්වෙනවා.
02. ජේඩයිට් (Jadeite)
ජේඩ් කුලය ප්‍රධාන ලෙසම ජේඩයිට් (Jadeite) හා නෙෆ්‍රයිට් (Nephrite) ලෙස කාණ්ඩ දෙකකින් යුක්ත වනවා. ජේඩ් කුලයේ දුර්ලභම හා පිරිසිදුම සාමාජිකයා ලෙස හදුන්වන්නේ ජේඩයිට් මැණික් වර්ගයයි. ලංකාවේ පච්ච ගල් නමිනුත් ජේඩ් මැණික් විශේෂ හදුන්වනවා. අදුරු කොල පැහැයක් ගන්නා මෙම මැණික් විශේෂයේ කැරට් එකක ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් මිලියන 3ක් පමණ වනවා. ජේඩයිට් මැණික් වැඩි වශයෙන් හමුවී තිබෙන්නේ මියන්මාරයේ ටව්මාව් නම් (Tawmaw – Myanmar) ප්‍රදේශයෙන්. ලෝක ජේඩයිට් අපනයනයෙන් 70%ක් සිදු කරනු ලබන්නේ මියන්මාරය විසින්. ජපානයේ ඔමී (Omi) හා කොටාකි (Kotaki) ප්‍රදේශ වලත් ග්වාතමාලාවේ මොටගුආ (Motagua river valley – Guatemala) නදී නිම්නයේත් තවත් ජේඩයිට් නිදි හමුවී තිබෙනවා. කසක්ස්තානයේ (Kazakstan) හා රුසියාවේ ඌරල් (Ural Mountains – Russia) කදුකරයේත් සුලු වශයෙන් ජේඩයිට් නිදි පවතිනවා.
නෙෆ්‍රයිට් ලෙස හදුන්වන්නේ චීනයහි හමුවන ජේඩ් (Chinese Jadeite) විශේෂයි. ජේඩ් තවත් උප කාණ්ඩ 18කින් යුක්තව ලොව පුරා හමුවන බව සදහන් වනවා. ජේඩයිට් වලින් නිර්මාණය කල ආභරණ ඉතා විශාල මිලකින් යුක්තයි. සමහරවිට එක් ආභරණයක් මිලදී ගන්න ඔබේ මුලු සේසතම විකුණුවත් බැරි වෙන්න පුලුවන්. ජෝර්ජියානු කුමාරයෙකු වූ ඇලෙක්ස් මිඩිවානිගේ (Alex Midivani) බිරිද වූ බාබරා හූටන් (Babara Hutton) ආර්‍යාවට ඇගේ සීයා විසින් මංගල දිනයේදී තෑගි දුන් ජේඩයිට් මාලය ලොව වටිනාම ආභරණ අතර වනවා. එහි වත්මන් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 27ක් පමණ වෙන බව තහවුරු වෙලා තිබෙනවා. එය වර්තමානයේදී හදුන්වනු ලබන්නේ හූටන් මිඩිවානි මාලය (Hutton Midivani Necklace) නමින්.
01. නිල් දියමන්ති (Blue Diamonds)
ලෝක ඉතිහාසයේ මෙතෙක් වැඩිම මිලකට අලවි වූ පාෂාණය ලෙස සැලකෙන්නේ නිල් දියමන්තියයි. ඔපන්හෙයිමර් බීලූ (Oppenheimer Blue) නම් නිල් දියමන්තිය ලොව සියලු මැනික් තැබූ වාර්තාවන් බිදමින් ඇමරිකානු ඩොලර් මිලියන 57.7කට අලවි වීමත් සමග පිරිසිදුම නිල් දියමන්තියක කැරට් එකක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.93ක් ලෙසට තක්සේරු වී තිබෙනවා. එම නිසා ලොව වැඩිම මිලක් සහිත් පාෂාණ විශේෂය ලෙස අද වනවිට සැලකෙන්නේ නිල් දියමන්තියි.
නිල් දියමන්ති ලොව ඇත්තේ 0.02%ක් තරම් කුඩා ප්‍රමාණයක්. බොහෝ නිල් දියමන්ති හමුවී තිබෙන්නේ දකුණු අප්‍රිකාව අශ්‍රිත නිදි වලින්. ඉන්දියාවේ ගොල්කොන්ඩා (Golconda – India) ප්‍රදේශයේ පිහිටි කොල්ලූර් (Kollur Mine) නම් පතල් බිමෙන්ද ලොව සුපතල නිල් දියමන්ති හමුවී තිබෙනවා. හෝප් දියමන්තිය (Hope Diamond), සුල්තාන් ඔෆ් මොරොක්කෝ (Sultan of Morocco) නම් නිල් දියමන්තිය හා විට්ල්ස්බැක් ග්‍රාෆ් (Wittlesbach Graff) නම් නිල් දියමන්තිය වැනි ලොව විශාලම මෙන්ම ප්‍රකට නිල් දියමන්ති රැසක් හමුවුනේත් අපේ අසැල්වැසි රාජ්‍ය වන ඉන්දියාවෙන් වීම විශේෂත්වයක්.