ලොව ප්‍රියජනකම දිවයින බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ රන් සම්මානයට

ලොව ප්‍රියජනක ම දිවයින ලෙස ශ්‍රී ලංකාව රන් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

මෙම සම්මාන උලෙළ පැවැත්වුණේ එංගලන්තයේ – ලන්ඩන් නුවරදියි.

Wanderlust Reader Travel Awards -2024 විසින් මෙම සම්මාන උලෙළ සංවිධානය කර තිබූ අතර ඒ සඳහා මනාප ලබාදීම ලොව පුරා වෙසෙන ජනතාවට සිදු කළ හැකි වුණා.

ඒ අනුව ලොව සංචාරකයින් වැඩි වශයෙන් සංචාරය කිරීමට කැමති මෙන් ම ප්‍රියජනක ම දිවයින සඳහා වන මනාප ලැයිස්තුවේ වැඩිම මනාප හිමිවුණේ ශ්‍රී ලංකාවටයි.

ශ්‍රී ලංකාවට පසුගිය වසරේ මෙම ලැයිස්තුවේ 08 වැනි ස්ථානය හිමි වූ අතර මෙවර එය වෙනස් වී පළමු තැන දක්වා ඉදිරියට පැමිණ ජයග්‍රහණය කර තිබෙනවා.

මිලියන 03කට අධික සංචාරකයින් විසින් ශ්‍රී ලංකා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලද බවයි වාර්තා වන්නේ.

මෙම සම්මානය ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය භූ දර්ශන සහ ලොව පුරා සිටින අමුත්තන් වශී කරවන පොහොසත් ඉතිහාසය ඉස්මතු කරවන බව ද එම සම්මාන උලෙළේ දී ප්‍රකාශ වුණා.

අනෙකුත් කාණ්ඩවල දී, ඔස්ට්‍රෙලියාව ලොව වඩාත් කැමතිම රට ලෙස තේරී පත් ව ඇති අතර, ටෝකියෝ නුවර වඩාත් කැමතිම නගරය ලෙස සම්මානයට පාත්‍ර වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?