ලොව ප්‍රමුඛ ගුවන් සේවා දෙකක් යළි ලංකාවට

ප්‍රංශ සහ රුසියානු ගුවන් සේවා සමාගම් දෙකක් ශ්‍රී ලංකාවට නැවතත් ගුවන් ගමන් ආරම්භ කරන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව රුසියාවේ ප්‍රධානම ගුවන් සේවයක් වන ‘අසූර් එයාර්’ ගුවන් සේවය අද (03) දිනයේ සිට මෙරට ගුවන් ගමන් ආරම්භ කරන බවයි වාර්තා වුණේ.

එමෙන්ම ප්‍රංශ ජාතික ගුවන් සේවය වන ‘එයාර් ෆ්‍රාන්ස්’ ගුවන් සේවය හෙට (04) දිනයේ සිට යළි ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බවද සඳහන්.

මෙම සමාගම් දෙකේ ගුවන් ගමන් සති පතා ක්‍රියාත්මක වන බව සංචාරක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?