ලොව පළමු ක්‍රිකට් ලෝක ශූරයන්ගේ 2023 කුසලාන සිහිනය බොඳව යයි

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව්වන්ට අද අහිමි වී ගියා.

ඒ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අද ස්කොට්ලන්තය සමග පැවති තරගය පරාජය වීමත් සමගයි.

අද හරාරේහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 181ක් පමණයි.

ජේසන් හෝල්ඩර් ලකුණු 45යි. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත පිතිකරුවන් පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව මෙවර ලෝක කුසලානයට සහභාගී වීමේ අවස්ථාව කොදෙව්වන්ගෙන් ගිලිහී ගියා.

සුදුසුකම් ලැබීමේ එම තරඟාවලියේ අවසන් තරඟකරුවන් දෙදෙනා පමණක් මේ වසරේ අගදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන අතර බටහිර ඉන්දීය කොදෙව්වන්ට දැන් අවසන් තරඟයට පැමිණීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට සිදු වූයේ ඔවුන් ODI Super League තරඟාවලියේ 9 වැනි ස්ථානයට පත් වූ නිසා සහ කණ්ඩායම් දහයකින් සමන්විත තරඟාවලියට සෘජු ප්‍රවේශය ලබා ගන්නේ හොඳම කණ්ඩායම් 8 පමණක් වීම හේතුවෙන්.

දෙවරක් ලෝක ශූරයන් බවට පත් වූ කොදෙව්වන් මුල්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකේම ජයග්‍රාහකයින් ද වනවා.

ක්‍රිකට් වාර්තා පෙන්වා දෙන්නේ ඔවුන් 1975 සහ 1979 ලෝක කුසලාන තරගාවලි දෙකේ ශූරයන් වූ අතර 1983 වසරේ දී අනුශූරයන් වූ බවයි.

එම ක්‍රිකට් තරගාවලි දෙකම පැවැත්වුණේ එංගලන්තයේ යි. කොදෙව් කණ්ඩායම එක් වරකට වඩා ලෝක කුසලානය දිනූ කණ්ඩායම් තුනෙන් එකක් ද වනවා.

එලෙස ජයග්‍රහණය කර ඇති අනෙක් කණ්ඩායම් දෙක වන්නේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාවයි.

ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම පසුබෑම එක්දින තරග ආකෘතියේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ පසුබෑම පෙන්නුම් කෙරෙන තවත් අවස්ථාවක් බවයි.

ඔවුන් 2019 වසරේ එංගලන්තයේ පැවති එක්දින ලෝක කුසලානයට ද සුදුසුකම් ලැබීමේ තරඟ හරහා පැමිණි අතර, එහිදී ඔවුන්ට තරගාවලියට එක්වීමට අවස්ථාව ලැබුනේ ස්කොට්ලන්තය සමග පැවති තරගයක ජය වර්ෂාව හේතුවෙන් ඔවුන්ට හිමි වීමත් සමගයි.

Cricket
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
3
+1
4
+1
17
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03