ලොව පළමු ක්‍රිකට් ලෝක ශූරයන්ගේ 2023 කුසලාන සිහිනය බොඳව යයි

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව්වන්ට අද අහිමි වී ගියා.

ඒ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අද ස්කොට්ලන්තය සමග පැවති තරගය පරාජය වීමත් සමගයි.

අද හරාරේහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 181ක් පමණයි.

ජේසන් හෝල්ඩර් ලකුණු 45යි. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත පිතිකරුවන් පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව මෙවර ලෝක කුසලානයට සහභාගී වීමේ අවස්ථාව කොදෙව්වන්ගෙන් ගිලිහී ගියා.

සුදුසුකම් ලැබීමේ එම තරඟාවලියේ අවසන් තරඟකරුවන් දෙදෙනා පමණක් මේ වසරේ අගදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන අතර බටහිර ඉන්දීය කොදෙව්වන්ට දැන් අවසන් තරඟයට පැමිණීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට සිදු වූයේ ඔවුන් ODI Super League තරඟාවලියේ 9 වැනි ස්ථානයට පත් වූ නිසා සහ කණ්ඩායම් දහයකින් සමන්විත තරඟාවලියට සෘජු ප්‍රවේශය ලබා ගන්නේ හොඳම කණ්ඩායම් 8 පමණක් වීම හේතුවෙන්.

දෙවරක් ලෝක ශූරයන් බවට පත් වූ කොදෙව්වන් මුල්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකේම ජයග්‍රාහකයින් ද වනවා.

ක්‍රිකට් වාර්තා පෙන්වා දෙන්නේ ඔවුන් 1975 සහ 1979 ලෝක කුසලාන තරගාවලි දෙකේ ශූරයන් වූ අතර 1983 වසරේ දී අනුශූරයන් වූ බවයි.

එම ක්‍රිකට් තරගාවලි දෙකම පැවැත්වුණේ එංගලන්තයේ යි. කොදෙව් කණ්ඩායම එක් වරකට වඩා ලෝක කුසලානය දිනූ කණ්ඩායම් තුනෙන් එකක් ද වනවා.

එලෙස ජයග්‍රහණය කර ඇති අනෙක් කණ්ඩායම් දෙක වන්නේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාවයි.

ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම පසුබෑම එක්දින තරග ආකෘතියේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ පසුබෑම පෙන්නුම් කෙරෙන තවත් අවස්ථාවක් බවයි.

ඔවුන් 2019 වසරේ එංගලන්තයේ පැවති එක්දින ලෝක කුසලානයට ද සුදුසුකම් ලැබීමේ තරඟ හරහා පැමිණි අතර, එහිදී ඔවුන්ට තරගාවලියට එක්වීමට අවස්ථාව ලැබුනේ ස්කොට්ලන්තය සමග පැවති තරගයක ජය වර්ෂාව හේතුවෙන් ඔවුන්ට හිමි වීමත් සමගයි.

Cricket
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
3
+1
4
+1
17
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?