ලොරි රියැදුරුගෙන් අල්ලස් ගත් පොලිසියේ 4 කගේ වැඩ තහනම්

ලොරි රථ රියදුරකුගෙන් රුපියල් 12,000 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් ස්ථානයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය ඊයේ (27) සිට අත්හිටුවා තිබේ

පසුගිය 20 වැනිදා කන්දකැටිය පොලිස් බලප්‍රදේශයට අයත් නාවන්දාන ප්‍රදේශයේදී ලොරි රථයක් නවතා එහි පවතින අඩුපාඩු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට මෙම නිලධාරීන් රුපියල් 12,000 ක් ලබාගෙන තිබිණි.

ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ බදුල්ල සහකාර පොලිස් අධිකාරි මහතා විසින් එම නිලධාරීන්ගේ සේවය අත්හිටුවා තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?