ලොරි රථයක් ශරීරය මතට වැටී ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට (වීඩියෝ)

ලොරි රථයක කාර්මික දෝෂයක් අලුත්වැඩියා කිරීමට යාමේ දී එම රථයටම යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත පුවතක් ගලෙන්බිඳුණුවැව, දිවුල්වැව ප්‍රදේශයෙන් අද (15) වාර්තා වනවා.

ලොරි රථයේ තිබූ කාර්මික දෝෂය පරීක්ෂා කිරීමට යාමේදී, එහි රෝදයක් ගැල වූ අවස්ථාවේ රථයට ආධාරකයක් ලෙස යොදා තිබූ ජැක්කුව බුරුල් වී ලොරි රථය එහි යට සිටි පුද්ගලයෙකුගේ ශරීරය මතට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

තමන්ගේම ලොරි රථයට යට වී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 39ක ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහලේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොකාවැව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

https://youtu.be/qaf1IkN6ICo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?