ලොරියක් මාර්ගයෙන් ඉවතට පෙරලෙයි.. රියදුරා ලොරියට යට වි මිය යයි

තේ දළු ප්‍රවාහනය කරන ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා ලොරි රථයට යට වි රෝහල් ගත කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කොටගල ප්‍රදේශයේ පදිංචි කරුපයියා කාතිගයන් (36) නැමති එක්දරු පියෙකි.

දිඹුල පතන පොලිස් වසමට අයත් මවුන්ට්වර්නන් වත්තේ තේ දළු ප්‍රවාහනය සදහා ලොරි රථය පණ ගන්වා තිබියදි රියදුරු ලොරි රථයෙන් බැස පසකට වි සිටියදි එකවරම ලොරි රථය ඉදිරියට ධාවනය වන අවස්තාවේ ලොරි රථය නතර කිරිමට ලොරි රථයේ රියදුරා ලොරි රථයට නැගිමට උත්සහ කරන අවස්තාවේ එම ලොරි රථයට යට වි රියදුරා බරපතල ලෙස තුවාල ලබා සිටියදි වතු කම්කරුවන් එක් ව රියදුරු රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?