ලෙබනන ව්‍යාපාරිකයාගේ මුදල් සොරකම් කළ චීන ජාතිකයා අත්අඩංගුවට

තම මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඕමානයේ සිට මෙරටට පැමිණෙමින් සිටි ලෙබනන ජාතික ව්‍යාපාරිකයෙකුගේ මුදල් සොරා ගත් චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද අලුයම ඉන්දියාව බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී ඇත්තේ.

සැකකරු ගුවන් යානය තුළ දී ලෙබනන ව්‍යාපාරිකයාගේ අත් බෑගය තුළ වූ මුදල් පසුම්බියෙන් ඇමෙරිකානු ඩොලර් 14,000ක් සොරකම් කර ඇතැයි චෝදනා එල්ලවී තිබෙනවා.

48 හැවිරිදි මෙම චීන ජාතිකයා සමග ලෙබනන ව්‍යාපාරිකයා සහ ඔහුගේ මව ද පසුගිය 13 වනදා උදෑසන 07.20ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී මෙම මුදල් සොරා ගත් චීන ජාතිකයා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සහ ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කළ ද ඒවා සාර්ථක වී තිබුණේ නැහැ.

ඒ අතරයි මෙම චීන ජාතිකයා අද අලුයම 01.20ට ඉන්දීය ගුවන් සේවයේ AI- 284 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

එම අවස්ථාවේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

මෙම චීන ජාතිකයා සතුව තිබී රුපියල් 827,712ක් වටිනා ලෝකයේ විවිධ රටවල මුදල් ඒකක ගණනාවක් පොලිසිය විසින් සොයාගෙන ඇතැයි සඳහන්.

එහිදී මෙම චීන ජාතිකයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ලෝකය පුරා තේ අලෙවි කිරීමේ යෙදෙන අලෙවිකරුවෙකු වන අතර එම ව්‍යාපාරවලින් උපයා ගත් මුදල් මෙලෙස තමා සන්තකයෙහි ඇති බවයි.

සැකකාර චීන ජාතිකයා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මොහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?