ලෙබනන ව්‍යාපාරිකයාගේ මුදල් සොරකම් කළ චීන ජාතිකයා අත්අඩංගුවට

තම මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඕමානයේ සිට මෙරටට පැමිණෙමින් සිටි ලෙබනන ජාතික ව්‍යාපාරිකයෙකුගේ මුදල් සොරා ගත් චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද අලුයම ඉන්දියාව බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී ඇත්තේ.

සැකකරු ගුවන් යානය තුළ දී ලෙබනන ව්‍යාපාරිකයාගේ අත් බෑගය තුළ වූ මුදල් පසුම්බියෙන් ඇමෙරිකානු ඩොලර් 14,000ක් සොරකම් කර ඇතැයි චෝදනා එල්ලවී තිබෙනවා.

48 හැවිරිදි මෙම චීන ජාතිකයා සමග ලෙබනන ව්‍යාපාරිකයා සහ ඔහුගේ මව ද පසුගිය 13 වනදා උදෑසන 07.20ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී මෙම මුදල් සොරා ගත් චීන ජාතිකයා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සහ ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කළ ද ඒවා සාර්ථක වී තිබුණේ නැහැ.

ඒ අතරයි මෙම චීන ජාතිකයා අද අලුයම 01.20ට ඉන්දීය ගුවන් සේවයේ AI- 284 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

එම අවස්ථාවේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

මෙම චීන ජාතිකයා සතුව තිබී රුපියල් 827,712ක් වටිනා ලෝකයේ විවිධ රටවල මුදල් ඒකක ගණනාවක් පොලිසිය විසින් සොයාගෙන ඇතැයි සඳහන්.

එහිදී මෙම චීන ජාතිකයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ලෝකය පුරා තේ අලෙවි කිරීමේ යෙදෙන අලෙවිකරුවෙකු වන අතර එම ව්‍යාපාරවලින් උපයා ගත් මුදල් මෙලෙස තමා සන්තකයෙහි ඇති බවයි.

සැකකාර චීන ජාතිකයා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මොහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14