AFC Banner
Empty Ad
Empty Ad

ලෙබනනයේ දී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක් හඳුනා ගන්න මහජන සහාය පතයි

ලෙබනනයේදී අභාවප්‍රාප්ත වී ඇති ශ්‍රී ලාංකික කාන්තාවකගේ ඥාතීන් හඳුනා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් සහය ඉල්ලා සිටිනවා.

ජයසූරියගේ ප්‍රියන්තිකා නීලකාන්ති මහත්මියගේ අභාවය ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනුයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට දන්වා ඇත්තේ.

විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම කාන්තාව අද (01) ලෙබනනයේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි.

ජයසූරියගේ ප්‍රියන්තිකා නිලකාන්ති මහත්මියගේ පහත තොරතුරු අමාත්‍යාංශය විසින් හෙළි කර තිබෙනවා.

ජාතික හැඳුනුම්පත් අංකය – 797631574v

විදේශ ගමන් බලපත්‍ර අංකය – N5758240

ලිපින – 117, යාය 06, වරාවැව, හලාවත සහ 247/3, හබරකඩ, හෝමාගම.

මියගිය අයගේ ඥාතීන් පිළිබඳ තොරතුරු දන්නා අයගෙන් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සහය ලබාගැනීම වෙනුවෙන් ක්ෂණික දුරකථන අංක 011238836 / 0117711163 / 0112323015 හරහා හෝ [email protected] යන විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ලබාදෙන ලෙසටයි.

Lebanon death
img 1
img 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?