ලෙබනනයේ දී මියගිය මාතර කතගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට බාධා (වීඩියෝ)

ලෙබනනයේ බීරූට් අගනුවර ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමට ගැටළු කිහිපයක් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා පවසනවා.

අද (23) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමට කළ උත්සාහයේ දී එම දේහය නරක් වී ඇති බවයි.

එමෙන්ම එම මෘත දේහය මෙරටට ගේනවා ගැනීමට ගුවන්යානාවල ද ගැටළුවක් පවතින බව ඔහු සඳහන් කර සිටියා.

මෙලෙස මෘත දේහයන් ගෙන්වා ගැනීමට හැකි ගුවන් යානයක් ඇත්තේ සතියකට එක් වතාවක් පමණක් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.

කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ ඥාතීන්ගේ අවශ්‍යතාවය අනුව කටයුතු කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය බැඳී සිටින බව ද ඔහු සඳහන් අර සිටියා.

මේ අතර මියගිය කාන්තාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් ගතව ඇති බවත්, මියයන විට ඇයගේ ලියාපදිංචිය අවලංගු වී තිබූ බවයි වාර්තා වුණේ.

ලෙබනනයේ, බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගොස් තිබුණේ මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක්.

පසුගිය 16 වනදා සිදුවූ මෙම අනතුරින් මෙම කාන්තාවගේ හාම්පුතා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?