AFC Banner
AFC Banner
Empty Ad

ලීසිං හා ණයවාරික ගෙවන්නන් මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වෙයි

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා.

මේ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම පිරිස බස් රථයක නැගී මහ බැංකුව ඉදිරිපිටට පැමිණ මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එලෙස පැමිණි එම පිරිස මහ බැංකුව ඉදිරිපිට වාඩි වී විරෝධතාවක නිරත වෙමින් කියා සිටින්නේ තැන්පත්කරුවන්ගේ පොළිය සීයට 8ක් දක්වා පහත දමා ඇති අවස්ථාවේ ලීසිං සඳහා අයකරන පොළිය තවමත් 27% ක මට්ටමක පවතවාගෙන යන බවයි.

මෙම අසාධාරණ පොළී අනුපාතය අඩු කිරීමට අවස්ථා කිහිපයකදීම මහ බැංකු අධිපතිවරයා පොරොන්දු ලබාදුන්න ද එම පොරොන්දු තවමත් ඉටු වී නොමැති බව ද ඔවුන් පවසා සිටියා.

පසුව එම ස්ථානය උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, කොම්පඤ්ඤ වීදිය පොලිසිය මඟින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
4
+1
1
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?