වාහනවල ලීසිං සීමාව වෙනස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය; වක්‍රාකාරව රටේ මූල්‍ය පද්ධතිය පාලනය කිරීම සඳහා ඝවිත කළ උපක්‍රමයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව අධ්‍යන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසනවා.
මහාචාර්යවරයා පවසන්නේ මෙය රටේ මූල්‍ය පද්ධතිය පාලනයට මහ බැංකුව ගත් ඉතා හොඳ ක්‍රමවේදයක් බවයි.
මෙම ක්‍රමවේදය තුළ ඉදිරියේ දී වාහන ආනයනය යම් ආකාරයකට පාලනය වීමක් සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වන විට පොළී අනුපාතය ඉතා අඩු මට්ටමක පවතින බවත්, ඒ හේතුවෙන් ඇතැම් පුද්ගලයින් බැංකු මඟින් ණයට මුදල් ලබාගෙන වාහන ආනයනය සඳහා පෙළඹෙන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය වසන්ත අතුකෝරාල සඳහන් කර සිටියා.
මහ බැංකුව විසින් වාහනවල ලීසිං සීමාව අඩු කිරීමට ගත් තීරණය මඟින් තවදුරටත් මෙම තත්ත්වය පාලනය නොවුන හොත් වාහන සඳහා බැංකු සහ මුල්‍ය ආයතම මඟින් ලබාදෙන ලීසිං සීමාව තව දුරටත් පහළ දැමිය දැමිය යුතු බවත් ඔහු පැවසුවා.
එමෙන්ම මහාචාර්යා සඳහන් කළේ පහළ පොළී අනුපාතිකයක් පවතින අවස්ථාවක ලීසිං සීමාව තව දුරටත් අඩු කිරීමට කටයුතු කළ හොත් රටේ මූල්‍ය පද්ධතිය පාලනය කිරීමේ හැකියාව තවදුරටත් පහසුවනු ඇති බවයි.





