ලීසිං සීමාවේ වෙනසත් සමඟ වාහන ආනයනය පාලනය වේවි – මහාචාර්ය වසන්ත අතුකෝරාල

වාහනවල ලීසිං සීමාව වෙනස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය; වක්‍රාකාරව රටේ මූල්‍ය පද්ධතිය පාලනය කිරීම සඳහා ඝවිත කළ උපක්‍රමයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව අධ්‍යන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසනවා.

මහාචාර්යවරයා පවසන්නේ මෙය රටේ මූල්‍ය පද්ධතිය පාලනයට මහ බැංකුව ගත් ඉතා හොඳ ක්‍රමවේදයක් බවයි.

මෙම ක්‍රමවේදය තුළ ඉදිරියේ දී වාහන ආනයනය යම් ආකාරයකට පාලනය වීමක් සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විට පොළී අනුපාතය ඉතා අඩු මට්ටමක පවතින බවත්, ඒ හේතුවෙන් ඇතැම් පුද්ගලයින් බැංකු මඟින් ණයට මුදල් ලබාගෙන වාහන ආනයනය සඳහා පෙළඹෙන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය වසන්ත අතුකෝරාල සඳහන් කර සිටියා.

මහ බැංකුව විසින් වාහනවල ලීසිං සීමාව අඩු කිරීමට ගත් තීරණය මඟින් තවදුරටත් මෙම තත්ත්වය පාලනය නොවුන හොත් වාහන සඳහා බැංකු සහ මුල්‍ය ආයතම මඟින් ලබාදෙන ලීසිං සීමාව තව දුරටත් පහළ දැමිය දැමිය යුතු බවත් ඔහු පැවසුවා.

එමෙන්ම මහාචාර්යා සඳහන් කළේ පහළ පොළී අනුපාතිකයක් පවතින අවස්ථාවක ලීසිං සීමාව තව දුරටත් අඩු කිරීමට කටයුතු කළ හොත් රටේ මූල්‍ය පද්ධතිය පාලනය කිරීමේ හැකියාව තවදුරටත් පහසුවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
27
+1
1
+1
3
+1
1
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10