ලැඟුම්හලක් තුළ බාලවයස්කාර නෑනා කෙළෙසූ මස්සිනා සොයා මෙහෙයුමක්

තම බිරිඳගේ නැඟණියවන බාලවයස්කාර පාසල් සිසුවියක් ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් ඇයව දූෂණය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා.

ඊයේ (21) දහවල් කාලයේ හලාවත නගරයේ පවත්වා ගෙන යන ලැඟුම්හලක දී මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පාසලක 11 වන වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම සිසුවියගේ සහෝදරිය විවාහ වී හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, ඇයගේ ස්වාමියා සමඟ සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරු විසින් සිසුවිය මෙලෙස ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති බව සඳහන්.

අදාළ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
19
+1
62
+1
16
+1
17
+1
7
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10