හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
අද (27) පානදුර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
ලලිත් එල්ලාවල යනු කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් දිනා ගත් අයෙක්.
නමුත් පසුකලෙක ඒ මහතා සමගි ජන බලවේගය හා එක් වුණා.
වර්ෂ 1989 දී හෙතෙම පළමු වරට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් මෙරට දේශපාලනයට එක් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
1
+1
1
+1
1
+1
2