AFC Banner
Empty Ad
Empty Ad

“ලයින් කාමර යුගය අහෝසි කරනවා” – ජනාධිපති

තමන් ලයින් කාමර යුගය අහෝසි කරන බවත්, වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම් අයිතිය ලබා දී උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය තහවුරු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (08) පස්වරුවේ හපුතලේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

ජන රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එකළ පෝලිම්වල දුක් විඳි ජනතාව රටේ අනාගතය පිළිබඳ බියෙන් පසු වූ බවයි.

තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භ කරන ලද වැඩසටහන සහ එම වැඩසටහන සමග ඉදිරි වැඩකටයුතු සිදුකරගෙන යන ආකාරය පිළිබඳව ද මෙම හමුවට එක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?