spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලබු ගිරවුන් දෙදෙනෙකු ඇතිකළ පුද්ගලයන් දෙදෙනෙකුට දඩ

ආරක්‍ෂිත පක්‍ෂීන් විශේෂයක් වන ලබු ගිරවුන් දෙදෙනෙකු ඇතිකළ පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 10,000 (දසදහස) බැගින් රුපියල් 20,000 (විසිදහසක) දඩයක් නියම කර තිබෙනවා.

එම පක්ෂින් දෙදෙනා අත්තිඩිය පිහිටි වනජීවි පශු වෛද්‍ය ඒකකයට භාර දෙන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් වරිය අද (07) නියෝගයක් නිකුත් කරමින් දැනුම් දුන්නා.

මෙලෙස දඩ නියම වූයේ කරාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකුටයි.

වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හික්කඩුව වනජීවී කාර්යාලය විසින් ලබු ගිරවුන් දෙදෙනා කරාපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කූඩුවක තිබියදී, සැකකරුවන් සමඟ අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?