ලන්දේසින් ගෙන ගිය ඓතිහාසික කෞතුක භාණ්ඩ රැසක් යළි ශ්‍රී ලංකාවට (ඡායාරූප)

වර්ෂ 1756 දී ලන්දේසින් විසින් මහනුවර රාජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ශ්‍රී ලංකාව සතුව පැවති, පසුව ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ එකතුවක් නැවත නෙදර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත අද (29) නිල වශයෙන් භාරදීම සිදු කරනු ලැබුවා.

නෙදර්ලන්ත රජය වෙනුවෙන් මෙරට නෙදර්ලන්ත තානාපති HE Bonnie Harbach මහත්මිය සහ Jan de Hond මහතා විසින් මෙම කෞතුක භාණ්ඩ සහිත බහාලුම්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී භාරදීම සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රාජකීය රන් කස්තානය, රාජකීය රන් පිහිය, රාජකීය රිදී කස්තානය, මහ තුවක්කු දෙකක් මෙම කෞතුක භාණ්ඩ අතර පවතින අතර, කොළඹ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සහිත ව මේ වන විට තැන්පත් කර ඇති අතර, 2023 දෙසැම්බර් 05 වන දින පෙ.ව 9.30 සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශනයක් මගින් මහජනතාව වෙත මෙම භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

WhatsApp Image 2023 11 29 at 14.55.41 1
WhatsApp Image 2023 11 29 at 14.55.41
WhatsApp Image 2023 11 29 at 14.55.42
WhatsApp Image 2023 11 29 at 14.55.45
WhatsApp Image 2023 11 29 at 14.55.46
WhatsApp Image 2023 11 29 at 14.55.48
WhatsApp Image 2023 11 29 at 14.55.49
WhatsApp Image 2023 11 29 at 14.55.50 1
WhatsApp Image 2023 11 29 at 14.55.51
WhatsApp Image 2023 11 29 at 14.55.52
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10