ලන්දේසින් ගෙන ගිය ඓතිහාසික කෞතුක භාණ්ඩ රැසක් යළි ශ්‍රී ලංකාවට (ඡායාරූප)

වර්ෂ 1756 දී ලන්දේසින් විසින් මහනුවර රාජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ශ්‍රී ලංකාව සතුව පැවති, පසුව ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ එකතුවක් නැවත නෙදර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත අද (29) නිල වශයෙන් භාරදීම සිදු කරනු ලැබුවා.

නෙදර්ලන්ත රජය වෙනුවෙන් මෙරට නෙදර්ලන්ත තානාපති HE Bonnie Harbach මහත්මිය සහ Jan de Hond මහතා විසින් මෙම කෞතුක භාණ්ඩ සහිත බහාලුම්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී භාරදීම සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රාජකීය රන් කස්තානය, රාජකීය රන් පිහිය, රාජකීය රිදී කස්තානය, මහ තුවක්කු දෙකක් මෙම කෞතුක භාණ්ඩ අතර පවතින අතර, කොළඹ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සහිත ව මේ වන විට තැන්පත් කර ඇති අතර, 2023 දෙසැම්බර් 05 වන දින පෙ.ව 9.30 සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශනයක් මගින් මහජනතාව වෙත මෙම භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

WhatsApp Image 2023 11 29 at 14.55.41 1
WhatsApp Image 2023 11 29 at 14.55.41
WhatsApp Image 2023 11 29 at 14.55.42
WhatsApp Image 2023 11 29 at 14.55.45
WhatsApp Image 2023 11 29 at 14.55.46
WhatsApp Image 2023 11 29 at 14.55.48
WhatsApp Image 2023 11 29 at 14.55.49
WhatsApp Image 2023 11 29 at 14.55.50 1
WhatsApp Image 2023 11 29 at 14.55.51
WhatsApp Image 2023 11 29 at 14.55.52
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?